අමිලගේ පටලැවිල්ල නයනාට නොවේ දීපානිටයි
ඇමති වෙල්ගමට හිතවත් එම ව්‍යාපාරික කාන්තාව නයනා කුමාරි යයි පටලවාගෙන තිබුනේ නයනාටත් සැලූන් එකක් ඇති නිසා විය යුතුය.
නමුත් අමිල අබේසේකර සමග ප‍්‍රශ්නයකට මැදිවූයේ දීපානි සමරසිංහ නමැති ව්‍යාපාරික කාන්තාවක් බව ඉරිදා දිවයින පුවත්පත හෙළිදරව් කර තිබෙනවා.
එහි ඇය මේ ගැන පවසා තිබෙන අදහස් මෙසේය.
ඇත්තටම මේ සිද්ධිය කුමක් ද යන්න අපි ව්‍යාපාරික කාන්තාවගෙන් විමසීමක් කළා. මේ අපට ඇය ලබා දුන් පිළිතුරයි.
මම මේ නළුවා කිසිම අයුරකින් හඳුනන්නේ නැහැ. කොටින්ම ඔහු ඉන්නේ
කොහේද, මොන නාට්‍යවලද රගපාන්නේ කියලවත් මම දන්නේ නැහැ. නමුත් මොහු විසින් මගේ කිර්ති නාමයට හානී කරමින් අසත්‍ය ප‍්‍රකාශ රැුසක් ඉතාම ප‍්‍රබල විදිහට සමාජය තුළ පතුරවා තිබෙනවා. මොහුට ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට ලක්ෂ 75 ක මුදලක් මා ලබා දුන් බවත්, මා ඔහුට සෑමවිටම උදව් කරන බවත් ඔහු පවසා තිබෙනවා. මේ අපහාස කිරීම මගේ කනට එන්නේ මෙරට පිළිගත් ප‍්‍රබල පුද්ගලයෙකු සහ මාගේ ඉතාම විශ්වාසනීය මිතුරෙක් මාර්ගයෙන්. ඔහු කෙදිනකවත් මාහට බොරු නොකියන බව විශ්වාසයි. මෙම නළුවා මාගේ කිර්තිනාමය ඝාතනය කිරීම කොතරම් සුක්ෂම ලෙස කරනවාද කියතොත් මා ඉතාම පෞද්ගලික මට්ටමෙන් කරන කටයුතු පවා ඔහු සහ මා අතරේ හිතවත් කමක් ඇතැයි සනාථ කිරීම සඳහා සාක්ෂී ලෙස භාවිතා කිරීම මමත් මවිතයට පත් කළා.
ඒ අනුව ක‍්‍රියාත්මක වූ මම මිරිහාන පොලීසියේ අදාල රංගන ශිල්පියාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එය පසු ගිය මාර්තු 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විභාග වූවා. අමිල මගෙන් සමාව ගනිමින් තරයේ ප‍්‍රකාශ කළා එවැන්නක් ඔහු විසින් නොකළ බවට.
නමුත් මාගේ තර්කය මෙයයි. ඔහු මේ කිසිම දෙයකට සම්බන්ධ නැත්නම් ඔහුගේ චරිතයට විශාල කැළලක් මේ සිද්ධිය නිසා පැහැදිලිවම සිදු වී ඇති බැවින් අදාළ නළුවාට ඒ කියන්නේ අමිලට හැකි විය යුතුයි එක්කෝ මට විරුද්ධව හෝ එසේත් නොමැති නම් මට මේ කතාව පැවසු සමාජයේ ප‍්‍රබල පුද්ගලයාට විරුද්ධව අමිල වැනි ජනප‍්‍රිය නළුවෙකුට අපහාස කිරීම සම්බන්ධයෙන් අපහස නඩුවක් ගොනු කරන්න සහ නීතියේ පිහිට පතන්න. ඔහු එසේ නොකරන්නේ මේ සිද්ධිය සිදු වන්නේ අමිල දැනුවත්ව යම් කිසි මඩ කල්ලියකගේ අනු දැනුමට බව මා තරයේ විශ්වාස කරනවා.
මේ සියලූ දෙනාටම අවශ්‍ය වී ඇත්තේ ව්‍යාපාරික කාන්තාවක් ලෙස මා මේ රටේ ගොඩ නගා ගත් කීර්ති නාමය සහ ප‍්‍රතිරූපය විනාශ කරන්නයි. ඒ නිසා සත්‍ය සහ නිර්දෝශීභාවය ජය ගන්නා තුරු මා සටන් කරනවා.
පුවත්පත් සටහන - හරින්දි ලියනගේ
Posted in:
අමිලගේ පටලැවිල්ල නයනාට නොවේ දීපානිටයි

0 comments for "අමිලගේ පටලැවිල්ල නයනාට නොවේ දීපානිටයි"
Leave a reply