ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අතවර කල බිරියගේ නැගණිය සමග සැමියා එල්ලිලා


එකම කඹයකින් නිවසේ වහලේ මුදුන් යටලීයේ එල්ලී මියගොස් සිටි තරුණ යුවළකගේ සිරුරු මින්නේරිය රත්මලේ ප‍්‍රදේශයේදී පෙරේදා (26 දා* සවස හමුවී ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ මරුමුවට පත්ව ඇත්තේ රත්මලේ පදිංචිව සිටි එස්. එම්. එරන්ද සංජීව කුමාර (22)හා ඔහුගේ බිරිඳගේ නැගණිය වන පී. ධම්මිකා ජීවන්ති කුමාරි (16)නමැති දෙදෙනායි.
වසා තිබූ නිවසින් දැඩි දුර්ගන්ධයක් හැමීම පිළිබඳව සොයා බැලීමේදී දින කීපයකට පෙර එල්ලී මියයන්නට ඇතැයි සැකකරන මෙම තරුණ යුවළගේ සිරුරු හමුව තිබේ.
මියගිය දැරිය මෙයට පෙර මෙම තරුණයා අතින් අතවරයට පත්වීම නිසා
ඒ පිළිබඳව අධිකරණයේ නඩුවක්ද තිබී ඇත. සිද්ධියෙන් පසු දැරිය පරිවාසගත කොට තිබිණි. තරුණයා තම බිරිඳ සමග වෙනත් ප‍්‍රදේශයක කුලී නවාතැනකට ගොස් ඇත. දැරිය පරිවාසයෙන් පැමිණි පසු තරුණයා ඇය සමග නැවත මිතුරුකමක් ඇතිකරගෙන වසා දමා තිබූ තම නිවසට පැමිණ මෙසේ ගෙළ වැළලාගෙන ඇති බවට පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණ  (27 වැනිදා)පැවැත්වීමට නියමිතව තිබිණි.
මින්නේරිය වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය ශාන්ත මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Posted in:

0 comments for "අතවර කල බිරියගේ නැගණිය සමග සැමියා එල්ලිලා"

Leave a reply