ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මහා මත්කුඩු ජාවාරමක්‌ ගැන පරීක්‍ෂණ පවත්වන සහකාර රේගු අධිකාරී පැහැර ගන්නා තැත වරදී පොර බදා තුවාල ලබා රෝහල් ගත කෙරේ

මහා පරිමාණ මත්කුඩු ජාවාරමක්‌ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වමින් සිටි සහකාර රේගු අධිකාරිවරයකු කහතුඩුව ප්‍රදේශයේදී 12දා රාත්‍රි පැහැරගෙන යැමට උත්සාහ කළ සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා කහතුඩුව පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.තමන් පැහැර ගැනීමට උත්සාහ කළ නාඳුනන පුද්ගලයන් සමග පොරබැදීමේදී සිදුවූ තුවාල නිසා සහකාර රේගු අධිකාරිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ පැහැරගෙන යැමට උත්සාහ කර ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ පදිංචි සහකාර රේගු අධිකාරි අරුණ ශාන්ත නමැති මහතෙකි.
අරුණ ශාන්ත මහතා රාජකාරි නිමකර පෙරේදා රාත්‍රි 7.30 ට පමණ සිය වෑන් රථයෙන් නිවස බලා යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඔහු ගමන් ගත්
වෑන් රථයේ හප්පා ඇත.
යතුරු පැදිකරුවන් අනතුරට ලක්‌වූ බව දුටු අරුණ ශාන්ත මහතා ඔවුන් රෝහල කරා ගෙන යැමට සූදානම් වී ඇත. මෙම පුද්ගලයන් තමා පැහැර ගැනීමට පැමිණි අය බව ඔහු කිසිසේත් සිතා නැත.
මේ නිසා යතුරුපැදිකරුවන් දෙදෙනා වෑන් රථයට දමාගෙන රැගෙන යද්දී අතර මගදී ඔවුන් අරුණ ශාන්ත මහතා පැහැර ගැනීමට උත්සාහ කර ඇත.
ඒ අවස්‌ථාවේ නාඳුනන පුද්ගලයන් සමඟ පොරබදා ඔවුන්ගෙන් බේරුණු අරුණ ශාන්ත මහතා වෑන් රථයෙන් පැන දිවගොස්‌ බේරී ඇත. පසුව ඔහු මේ පිළිබඳව කහතුඩුව පොලිසියට පැමිණිලි කර තිබේ.
සහකාර රේගු අධිකාරි අරුණ ශාන්ත මහතා ඇතුළු රේගු නිලධාරීන් පිරිසක්‌ මහා පරිමාණ මත්කුඩු ජාවාරමක්‌ සම්බන්ධයෙන් මේ දිනවල විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යන බව රේගු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පැවසීය.කන්ටේනරයක සඟවා ගෙන්වා ඇති බව කියන හෙරොයින් තොගයක්‌ සෙවීම සඳහා මෙම පරික්‍ෂණ ක්‍රියාත්මක කෙරේ.ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්‍ෂණ හේතු කරගෙන කිසියම් පිරිසක්‌ අරුණ ශාන්ත මහතා පැහැරගෙන ගොස්‌ අනතුරක්‌ කිරීමට උත්සාහ කරන්නට ඇති බවට සැක පහළ කරයි.


Posted in:

0 comments for "මහා මත්කුඩු ජාවාරමක්‌ ගැන පරීක්‍ෂණ පවත්වන සහකාර රේගු අධිකාරී පැහැර ගන්නා තැත වරදී පොර බදා තුවාල ලබා රෝහල් ගත කෙරේ"

Leave a reply