සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගැනීමට පියවර
ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගමේ තැන්පත් කළ රුපියල් කෝටි හාරසිය තිහකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාරියක් වන සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර නීතිපතිවරයා විසින් ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා කොළඹ මහාධිකරණය හමුවේ පැවැසීය.
අධිකරණය කළ නියෝගය අනුව එංගලන්තයේ ජීවත්වන බව කියන සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හරහා වරෙන්තු ක්‍රියාත්මක කිරීම සම්බන්ධව නීතිපතිවරයාගේ විශේෂ අවධානය යොමුකැර ඇති බවත් ජ්‍යෙෂ්ඨ
රජයේ නීතිඥදමිත් තොටවත්ත මහතා අධිකරණයට පසු ගිය දහ අට වෙනිදා දන්වා සිටියේය.
සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගැනීමට පෙර නඩු දිනයේ අධිකරණය මඟින් නියෝග කළද මේ වනතෙක් එම විත්තිකාරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධව කිසිදු දැනුම්දීමක් රජයෙන් කැර නැති බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා තැන්පත්කරුවන් හට දන්වා ඇතැයි අගතියට පත් තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටින ලදී.
මිට ඉහත අවස්ථාවක අන්තර්ජාතික පොලිසිය (INTERPOL) සිසිලියා කොතලාවල එංගලන්තයේ ජිවත්වන බව තහවුරු කරන ලදී.
Posted in:
සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගැනීමට පියවර




0 comments for " සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගැනීමට පියවර"
Leave a reply