ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

රූපලාවන්‍ය ශිල්පිණියගේ නාසය සපා කෑ පෙම්වතා රිමාන්ඞ්


තම පේ‍්‍රමවන්තියගේ නහය හා මුහුණ සපා කන ලදැයි කියන සිද්ධියකට අදාළව පේ‍්‍රමවන්තයකු 16 දා අත්අඩංගුවට ගන්නා ලදැයි පිළියන්දල පොලිසිය පවසයි.
ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිණියක බව පැවසෙන මෙම පේ‍්‍රමවන්තිය ප‍්‍රතිකාර සඳහා පිළියන්දල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම පෙම් යුවළ අතර නිතර නිතර ආරවුල් හටගෙන ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.
සිද්ධිය වී ඇති දින පේ‍්‍රමවන්තයා සිය පේ‍්‍රමවන්තිය පිළියන්දල සිද්ධමුල්ල ප‍්‍රදේශයේ ගරාජයක් වෙත සිය යතුරුපැදියකින් රැුගෙන ගොස් ඇත. එහිදීද මේ දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වී තිබේ. මේ අවස්ථාවේදී සැකකාර පේ‍්‍රමවන්තයා සිය පේ‍්‍රමවන්තියගේ නහය හා මුහුණ සපා කා ඇත.
මෙහිදී කෝපයට පත් පේ‍්‍රමවන්තිය කුලී ත‍්‍රිරෝද රථයකින් යැමට
සැරසෙද්දී පේ‍්‍රමවන්තයාද එම ත‍්‍රීරෝද රථයට ගොඩ වී ඇත. මෙහිදී ත‍්‍රිරෝද රථය ධාවනය වෙමින් තිබියදී පේ‍්‍රමවන්තිය ඉන් එළියට පැන අසල විහාරස්ථානයකට දිවගොස් ඇත. පේ‍්‍රමවන්තයාද ඇය පිටුපස ගොස් යළි ඈ සමග රණ්ඩු වී ඇත.
මේ අවස්ථාවේදී මෙම සිද්ධිය දැක ඇති ප‍්‍රදේශවාසීන් පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව සැකකාර පේ‍්‍රමවන්තයා අත්අඩංගුවට ගෙන තිබේ.
පේ‍්‍රමවන්තිය නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියක බවත්, පේ‍්‍රමවන්තයා පන්නිපිටියේ පදිංචිකරුවකු බවත් පොලිසිය කියයි.
සැකකාර පේ‍්‍රමවන්තයා කැස්බෑව මහෙස්ත‍්‍රාත් චමත් මදනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මේ පිළිබඳව පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Posted in:

0 comments for "රූපලාවන්‍ය ශිල්පිණියගේ නාසය සපා කෑ පෙම්වතා රිමාන්ඞ්"

Leave a reply