ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ශ‍්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩු ශිෂ්‍යයෝ ‘කෝටියක්’ උපවාසකට සැරසේ


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙතශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ දී ඉන්දීය සහාය ඊට ලබාගැනීම වෙනුවෙන් තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන පක්ෂ විසින් ඇතිකර තිබෙන බලපෑම හේතුවෙන්  ඉන්දීය මධ්‍යම රජය දැඩි පීඩනයකට ලක් ව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, මෙම යෝජනාවලියට ඉන්දියාවේ සහාය ලබාගැනීමේ බල කිරීමක් ලෙස එළැඹෙන මාර්තු 20 වැනිදා තමිල්නාඩුවේ පාසල්වල දරුවන් කෝටියක් සහභාගි කරවා ගනිමින් උපවාසයක නිරත වීමට ද නියමිත ය.

කොටිහිතවාදී දේශපාලන එකමුතුව සැරසෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කෝටියක් වූ සිසුන් යොදාගෙන උපවාසයක් පැවැත්වීමේ කාර්යය සංවිධානය කරනු ලබන්නේ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජාතික පරිපාලන කමිටුවේ මන්ත‍්‍රී ආර්. නල්ලක්කන්නු විසින් බව වාර්තා වේ.

මේ අතර, තමිල්නාඩුවේ ඞී. එම්. කේ නායක එම්. කරුණානිධි ඉන්දීය මධ්‍යම රජය වෙත අවසන් අනතුරු ඇඟවීමක් කරමින් පවසා සිටියේ ශ‍්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් කෙරෙන අදාළ යෝජනාවලියට පක්ෂව අත්‍යවශ්‍ය පියවර ඉන්දියාව නො ගතහොත්, ඔවුන් අනිවාර්යයෙන් ම කොංග‍්‍රසය ප‍්‍රධාන ඉන්දීය පාලක සන්ධානයෙන් ඉවත් ව යන බව ය.

Posted in:

0 comments for "ශ‍්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩු ශිෂ්‍යයෝ ‘කෝටියක්’ උපවාසකට සැරසේ"

Leave a reply