ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ශ්‍රී පාද මාර්ගයේ ජලයේ අසූචි


නල්ලතන්නිය , ශ්‍රීපාද මාර්ගයේ පානීය ජලයේ හා ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය මගින් එම මාර්ගයේ ශ්‍රීපාද වන්දනාකරුවන් ඇතුළු පදිංචිකරුවන්ට බෙදා හැරන ජලයේ අසූචි මිශ්‍රව ඇති බවට සෞඛ්‍ය අංශ තමා වෙත වාර්තාකර ඇති හෙයින් එම ජලය පාවිච්චියෙන් වැළකී, පානීය ජල බෝතල් රැගෙන එන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ඉල්ලා සිටී. මස්කෙලිය , නල්ලතන්නිය මාර්ගයේ ‘රිකාටන්’ ප්‍රදේශයේ සිට හා නල්ලතන්නිය , ශ්‍රීපාද මාර්ගයේ ‘බීමට පමණයි’, ‘පාණිය ජලය’ ලෙස නාම පුවරු යොදා තිබූ ස්ථානවලින් ලබාගත් ජල සාම්පල් සෞඛ්‍ය අංශ මඟින් අදාළ තත්ත්ව පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එම පානිය ජලයේ අසූචි මිශ්‍රව පවතින බවට වාර්තා ලැබී තිබේ.
දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසන්නේ සති අන්ත දිනවලදී
නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බවයි. නල්ලතන්නිය නගරයේ පිහිටි පොලිසිය ශ්‍රීපාද වෙළෙඳසල් හා ස්ථිර පදිංචිකරුවන්ට මෙන්ම ප්‍රසිද්ධ ජල කරාම කීපයකට ද පානීය ජල සැපයුම සිදුකරනු ලබන්නේ ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නල්ලතන්නියේ පිහිටි ජල සැපයුම් මධ්‍යස්ථානයෙනි.

Posted in:

0 comments for " ශ්‍රී පාද මාර්ගයේ ජලයේ අසූචි"

Leave a reply