ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ලොව සුවිසල්ම කැසිනෝ ව්‍යාපාර ජාලයේ හිමිකරු ලංකාවට


ලෝකයේ අංක එකේ කැසිනෝ සූදු ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන ජේම්ස් පැකර් ලබන 27 වන බදාදා ලංකාවේ සංචාරයක නිරතවන බව වාර්තා වනවා.
ලොව සුවිසල්ම කැසිනෝ ව්‍යාපාර ජාලයක් හැටියට ගැනෙන ‘ක‍්‍රවුන්’හි හිමිකරු වන ඔහු ලංකාවට එන්නේ ලංකාවේ මහා පරිමාණ කැසිනෝ සූදු පොළක් ඉදිකිරීමේ කටයුතු ගැන අවසන් විනිශ්චයන් ලබාගැනීමටය.
කොළඹ ලේක්හවුස් ගොඩනැගිල්ල ඉදිරිපස දැනට වාහන නවතා තැබීමට වෙන්කර තිබෙන විශාල හිස් ඉඩම මිලට ගෙන ඇති ඔහු එහි දැවැන්ත කැසිනෝ මන්දිරයක් හා නයිට් ක්ලබ් විනෝදාංග සහිත හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සැලසුම් කරමින් සිටිනවා.

ඔහුගේ අපේක්ෂාව ‘ක‍්‍රවුන් කලම්බු’ නමින් වන එම මධ්‍යස්ථානය වැඩ 2016 වසර වන විට නිම කරන්නටය.
මින් ටික කලකට පෙර රජය මගින් අනුමත කර ලිහිල් කරන ලද සූදු ව්‍යාපාර සම්බන්ධ පනත හේතුවෙන්
මෙවැනි ව්‍යාපාර සංචාරක කර්මාන්තය දියුණු කිරීම යන පදනම මත දැන් ලංකාවේ අනුමත බැවින් ජේම්ස් පැකර්ට මෙහි සිය ව්‍යාපාර පිහිටුවා ලංකාව සූදු මධ්‍යස්ථානයක් බවට පත්කිරීම පහසු කටයුත්තක් වී තිබෙනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක වත්කමක් ඇති 45 හැවිරිදි ජේම්ස් පැකර් ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු වන අතර ෆෝබ්ස් ස`ගරාවට අනුව එරට ධනවත්ම පුද්ගලයින් අතර 4 වැනියාය. මෙල්බර්න් නුවර හා පර්ත්හි ඔහුට අයත් විශාල පරිමාණ සූදු සංකීර්ණ පිහිටුවා තිබෙන අතර ඔහු ඇමරිකාවේ ලාස්වේගාස් සූදු වෙළෙඳපොළටද ඇතුළුවී සිටින්නෙකි.
ඔහු ලංකාවේ සූදු පොළක් අරඹන්නට තීරණය කර ඇත්තේ ආසියානු හා මැදපෙරදිග වෙළෙඳපොළ අල්ලන්නට ලංකාව පහසු කේනද්‍රස්ථානයක් ලෙස කල්පණා කළ නිසාය.


Posted in:

0 comments for "ලොව සුවිසල්ම කැසිනෝ ව්‍යාපාර ජාලයේ හිමිකරු ලංකාවට "

Leave a reply