ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

රසායනාගාර තාක්ෂණවේදිනයගේ මරණය සැක ටියුෂන් ගුරුවරයෙකු සොයා පොලිසිය පරික්ෂණ අරඹයි

බොරලැස්ගමුව ගල්වල පාරේ නිවසක පසුගිය 21 දා රාත්‍රී සිදුවූ, මහරගම පිළිකා රෝහලේ රසායනාගාර ශිල්පිනියගේ ඝාතනය සම්බන්ධයෙන් එම නිවසට ආගිය බව පැවසෙන ටියුෂන් ගුරුවරයෙකු සොයා පොලිසිය පරික්ෂණ අරඹා ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවසට ඔහු ආ ගිය බවට පොලිසියට ලද තොරතුරක් මත ටියුෂන් ගුරුවරයා කෙරෙහි සැකයක් එල්ලවී ඇති බවත් මේ වනවිට ඔහු අතුරුදහන්ව ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි. ඝාතනය සම්බන්ධව පෙදරේරුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණද ඔහුගෙන් වැඩි යමක් හෙළි වී නැතැයිද පොලිසිය පවසයි.
මේ වනවිට ඝාතනය සම්බන්ධයෙන් 20 දෙනෙකුගේ ප්‍රකාශ ලබාගෙන ඇත. ඝාතනය සිදුවූ අවස්ථාවේ මියගිය කාන්තාවගේ පුතු ඝාතකයා සමඟ පොරබදා ඇති හෙයින්
ඝාතකයාටද විශාල වශයෙන් තුවාල වී තිබිය යුතුයයි පොලිසිය පවසන අතර අත්පා වල කැපුම් තුවාල ඇති සැකකටයුතු අයෙකු වේ නම් වහාම ලඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දරුණු තුවාල ලැබූ පුතා නැවතත් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය. මිය ගිය කාන්තාවගේ මරණ පරික්ෂණය පෙරේදා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍රියන්ත රත්නසේන මහතා විසින් සිදුකළ අතර ගෙලට, බඩට, වම් අතට එල්ලවූ මාරාන්තික පිහිප්‍රහාර 4 ක් හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුකොටගෙන සිදුවූ මරණයක් බවත් මනුෂ්‍ය ඝාතනයක් බවටත් එහිදී හෙළිවිය.බොරලැස් ගමුව පොලිසිය හා මිරිහාන විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකය ඒකාබද්ධව වැඩි දුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

Posted in:

0 comments for "රසායනාගාර තාක්ෂණවේදිනයගේ මරණය සැක ටියුෂන් ගුරුවරයෙකු සොයා පොලිසිය පරික්ෂණ අරඹයි"

Leave a reply