ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මාල කැඩූ ජනප‍්‍රිය සංගීත වාදකයාව පොලිසිය සොයයි


ඉතාලියේ සිට ලංකාවට කෙටි නිවාඩුවකට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකුගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ 8 කට වැඩි වටිනාකමින් යුත් පවුම් 15 ක මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට ලංකාවේ නමගිය සංගීත කණ්ඩායමක වාදන ශිල්පියෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම රන් මාල කොල්ලය සිදුව ඇත්තෙ පසුගිය 2010 වසරේ වෙන්නප්පුවේදීය. මහමග ගමන් කරමින් සිටියදී මෝටර් සයිකල වලින් ආ තිදෙනෙකු තමාට පහරදී මාලය කොල්ලකා පළාගිය බව රන් මාලය නැතිවූ පුද්ගලයා සඳහන් කළ පසු වෙන්නප්පුව පොලිසිය ඒ ගැන පරීක්ෂණ ඇරඹූ අතර සැකකරුවන් පිළිබඳ හෝඩුවාවන්
ගණනාවක්ම සොයාගැනීමෙන් පසු මෙලෙස පැමිණි තිදෙනාගෙන් කෙනෙකු සංගීත වාදන ශිල්පියෙකු බවද අනාවරණය වුණා.
මේ නිසා ඔහු සොයා පරීක්ෂණ ඇරඹුවත් ඔහුගේ පදිංචි ස්ථාන සියල්ලෙන්ම ඔහු මේ වන විට පළාගොස් පොලිසිය මගහරිමින් සිටින බව වාර්තා වනවා.

Posted in:

0 comments for "මාල කැඩූ ජනප‍්‍රිය සංගීත වාදකයාව පොලිසිය සොයයි"

Leave a reply