ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

තුවාලවූ රිළවෙකුට ප‍්‍රතිකාර කරන්නට උවමනාවී සිය ගමන නතර කළ කාශ්මීරයේ භික්ෂුන් වහන්සේලා


මේ දිනවල ලංකාවේ සාම පාද චාරිකාවක් පවත්වන ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ භික්ෂු-භික්ෂුනී වහන්සේ පිරිසක් සීගිරියේ සංචාරය කරද්දී තුවාලවූ රිළවෙකුට ප‍්‍රතිකාර කරන්නට උවමනාවී සිය ගමන දින දෙකකට නතර කරවූ සිද්ධියක් වාර්තා වනවා.
සීගිරියේදී මන්දකට හසුව තුවාල ලැබූ රිළවෙකු ඔවුන් දැක ප‍්‍රතිකාර කරන්නට උවමනාවී සිටියත් රිළවා අල්ලාගන්නට අපොහොසත්වීමෙන් පසු ඔවුන් ගමන කල් තබා ඇත්තේ ඌ අල්ලා ප‍්‍රතිකාර කරන තුරු එතැනින් යන්නැතැයි යන අධිෂ්ඨානයෙනි.

ජනපති කාර්යාලයට හා වනජීවී අංශ වෙත දැන්වුවත් 20 වනදා සිට 22 දක්වා තරුණ පිරිස් කිසිවෙකුට රිළවා අල්ලාගන්නට බැරිවී ඇත. 22 වනදා දවල් ආහාරයද වර්ජනය කළ මෙ 25 දෙනෙකුගෙන් යුත් පිරිස රුපියල් ලක්ෂයක මුදලක් තමන් තෑගි කරන්නට කැමති බව
පවසමින් රිළවා අල්ලා දෙන ලෙස දන්වා තිබෙනවා.

එදින දහවල් දැඩි පරිශ‍්‍රමයක නිරතවූ වනජීවී පශූ වෛද්‍ය චන්දන ජයසිංහ ප‍්‍රමුඛ පිරිසක් මෙම රිළවා කෙසේ හෝ අල්ලාගෙන තිබෙනවා. පසුව ඉන් සතුටට පත් සාම කණ්ඩායම දිවා ආහාරය ලබාගෙන ඇත්තේ රිළවාට ප‍්‍රතිකාර කළ පසුවය. ඔවුන් ලක්ෂයක මුදල පිරිනැමුවත් රිළවා ඇල්ලූ අය එම මුදල ප‍්‍රතික්ෂේප කර තිබුණා.

කතරගම සිට යාපනය දක්වා සාම පාගමනක නිරත වන මේ පිරිස ඉන්දියාවේ ජම්මුකාශ්මීරයේ ළාඳක් ප‍්‍රාන්තයේ වාසය කරන බෞද්ධ භික්ෂු භික්ෂුනී පිරිසකි. ඔවුන්ගේ ගමනේ අරමුණ ශ‍්‍රී ලංකාව සාමකාමී රටක් බව ලෝකයට ඒත්තු ගැන්වීමය.

Posted in:

0 comments for "තුවාලවූ රිළවෙකුට ප‍්‍රතිකාර කරන්නට උවමනාවී සිය ගමන නතර කළ කාශ්මීරයේ භික්ෂුන් වහන්සේලා"

Leave a reply