ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

විමුක්ති කුමාරතුංග දේශපාලනයට


 ජනප‍්‍රිය රංගන ශිල්පි විජය කුමාරතුංගයන්ගේ බිරිය වීම නිසා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඡන්ද වලදී ලැබුවේ විශේෂ ප‍්‍රතිලාභයකි. මානව හිතවාදී නායකයෙකු ලෙස විජය සතු හැකියාව මෙන්ම ඔහුගේ අනපේක්ෂිත අභාවය ලංකාවේ මිනිසුන්ගේ හදවතට තදින්ම කාවැදී තිබුණා.
චන්ද්‍රිකාගේ අලූත් දේශපාලන ගමනක් ගැන දැන් තැන් තැන් වල කථාවෙන අතර ඇගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ඉදිරියේදී දේශපාලනය කිරීම පිණිස ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද දැන් වාර්තාවෙනවා. විජයගේ පුතු නිසාම විමුක්තිට ජනතා ආකර්ෂණය දිනාගත හැකිවනු ඇතැයිද දේශපාලන උපායයක් ලෙස ඔහු ඡුන්ද ප‍්‍රචාරණ කටයුතු වලට එකතුවනු ඇතැයිද වාර්තා වනවා.
හිටපු ජනාධිපතිනිය මේ දිනවල රට
පුරා යමින් විවිධ රැුස්වීම්වලට සහභාගීවෙමින් ආණ්ඩුව විවේචනය කරමින් සිදුකරන්නේ ඊට අවශ්‍ය පසුබිම සෑදීම බවද දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.
පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබුනේ තිබුණේ විමුක්ති කුමාරතුංගගෙන් ඇරඹෙන නව දේශපාලන පෙරළියේදී ඊට සහායදීම පිණිස එජාපයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ ඇතැම් නායකයින්ගේද සහාය ලැබෙන්නට ඉඩ තිබෙන බවකි.

Posted in:

0 comments for "විමුක්ති කුමාරතුංග දේශපාලනයට"

Leave a reply