ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සියළු ක‍්‍රීඩකයින් අයි.පී.එල් අත්අරින්න -අර්ජුන


අයි.පී.එල් තරගාවලිය සඳහා තෝරාගෙන සිටි ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් දෙදෙනෙකු එම කණ්ඩායමෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති නිසාවෙන් අයි.පී.එල් සඳහා සහභාගීවන අනෙකුත් ක‍්‍රීඩකයින්ද එම තරගාවලිය අතහැර දැමිය යුතු බව හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.
රණතුංග මහතා පෙන්වාදෙන්නේ ක‍්‍රීඩකයින් මෙම අවස්ථාවේ සිතිය යුත්තේ මුදල් හෝ වෙනත් යමක් නොව රට මුහුණදී ඇති තත්ත්වය සම්බන්ධයෙන් බවයි.
තමිල්නාඩුවෙන් බලපෑම් එල්ලවීම මත ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් එම ප‍්‍රාන්තයේදී පැවැත්වෙන තරග සඳහා සහභාගී නොකරවා ගැනීමට තීරණය කලද ඔවුන් කිසිවිටෙකත් එම තරග තමිල්නාඩු ප‍්‍රාන්තයේ
නොපවත්වන බවට හෝ තීරණයක් නොගත් බවත් ඔවුන් ගනු ලැබ ඇත්තේ දේශපාලන තීන්දුවක් බවත් රණතුංග මහතා පැවසීය.
එමෙන්ම ක‍්‍රීඩකයින් අයි.පී.එල් තරගාවලිය සඳහා තෝරාගෙන ඇත්තේද රට වෙනුවෙන් ප‍්‍රථමයෙන් ක‍්‍රීඩාකර ඇති නිසාවෙන් බවත් තමා කණ්ඩායමේ ක‍්‍රීඩකයෙකුව සිටියේ නම් තමා සිදුකරන්නේ කිසිදු ක‍්‍රීඩකයෙකු මෙම අවස්ථාවේදී එම තරගාවලිය සඳහා සහභාගී නොකරවන ලෙස යනුවෙන්ද රණතුංග මහතා පැවසීය.

Posted in:

0 comments for "සියළු ක‍්‍රීඩකයින් අයි.පී.එල් අත්අරින්න -අර්ජුන"

Leave a reply