ජනපතිට කතා හැදුවාට ඇමති නන්දිමිත‍්‍ර ගැන පොලිසිය සොයලා
මේ ක‍්‍රියාව රජය අපහසුතාවයට ලක්කරන අදහසින් ගොතා කියන ලද්දක් බවත් නන්දිමිත‍්‍ර ඒකනායක මහතා දැන් වැඩ කරන්නේ චන්ද්‍රිකා මැතිනියගේ හා එජාපයේ ඇතැම් අයගේ ඕනෑකමට බවත් කියමින් රත්තොට ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පෙත්සමක් අත්සන් කර නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු
කරන ලද අතර ඒ අනුව පොලිස් බුද්ධි අංශ විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් අරඹා ඇතැයි වාර්තා වෙනවා.
මේ අනුව පසුගිය සෙනසුරාදා මාතලේ පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන් මේ ගැන විමසන්නට රත්තොට ප‍්‍රාදේශීය සභාවට ගොස් අදාළ මන්ත‍්‍රීවරුන්ගේන් මේ ප‍්‍රකාශය ගැන තොරතුරු සොයා ඇතැයි වාර්තා වනවා.

0 comments for "ජනපතිට කතා හැදුවාට ඇමති නන්දිමිත‍්‍ර ගැන පොලිසිය සොයලා"
Leave a reply