ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

හිරුනිකා උසාවිට ඇදපු ඇදුමේ අවුලක්

 බොරුල්ලේ කිංසි පාරේ  ව්‍යාපාරික ස්ථානයකට බලෙන් ඇතුළු වී ව්‍යාපාරිකයාට තර්ජන කළැයි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකුට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද දුරදිග ගියේ නැති අතර සමථ මණ්ඩලයට යොමු කරන ලෙස  මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
කෙසේ වෙතත් අද උසාවියට එද්දී හිරුණිකා ඇන්ද ලා රෝස පාට ලිනන් කුර්තාව දුහුල් පෙනුමකින් යුතුවූ අතර එය මහේස්ත‍්‍රාත්වරියගේ විවේචනයට ලක්ව තිබුණා.
උසාවි එන විට ශිෂ්ට සමිපන්න ඇදුමින් සැරසී එන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්   ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට අද අවවාද කළා.
කසුන් සම්පත් , නිලූක දර්ශන, මුදිත
ආර් බණ්ඩාර හා චමිල ප‍්‍රියංකර ද  රුපියල් ලක්ෂ දෙක බැගින් වු ඇප දෙකක්  මත මුදා හරින ලෙස නියම කළ මහේස්ත‍්‍රාත් සමථ මණ්ඩල වාර්තාව ලබන ජුලි 31 වැනිදා ඉදිරිපත් කරන්නැයි ද  නියෝග කළා.

Posted in:

0 comments for "හිරුනිකා උසාවිට ඇදපු ඇදුමේ අවුලක්"

Leave a reply