මාතලෙන් හමුවූ ඇටකටු 1987 - 1990 බවට තහවුරු වෙයි
මාතලේ මහරෝහල් භූමියෙන් හමුවූ මිනිස් ඇටසැකිලි 1987-1990 අතර කාලය තුළ සිදුවූ මරණ බවට තහවුරු වී තිබේ.
මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය විසින් මේ බව අද 27දා විවෘත අධිකරණයට ප්‍රකාශ කළාය.
මෙතෙක් අනාවරණය වී ඇති අධිකරණ වෛද්‍ය තොරතුරු මගින් හා රහස් පොලිස් වාර්තා මගින් මේ බව තහවුරු වී ඇති බව ඇය අධිකරණය හමුවේ පවසා සිටියාය.
මෙම මිනිස් ඇටසැකිලි සොයාගත් ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස නම්
කර තිබුණ ද එම ස්ථානයට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව මේ වනවිට ඉවත් කර තිබේ.
එහෙත් එම ඇටසැකිළි මේ වනවිට සුරක්ෂිතව තබා ඇති මාතලේ මහරෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයට තවදුරටත් පොලිස් ආරක්ෂාව යොදවන ලෙසට විනිසුරුවරිය පොලීසියට නියෝග කළාය. මේ පිළිබඳ වැඩිදුර විභාගය මැයි 8 වන දිනට කල් දැමිණි.

0 comments for "මාතලෙන් හමුවූ ඇටකටු 1987 - 1990 බවට තහවුරු වෙයි"
Leave a reply