අත්අඩංගුවට ගැනීමට පෙර අසාද් සාලි ඇප ඉල්ලයි
තමා අත්අඩංගුවට ගැනීමට යන බවට පවතින ආරංචියක් මත මෙම ඇප පෙත්සම ඉදිරිපත් කරන බව අසාද් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
එහි වග උත්තරකරුවන් ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථාධිපතිවරයා සහ කුරුඳුවත්ත පොලීසියේ ස්ථාධිපතිවරයා නම් කර තිබේ.
දවටගහ පල්ලියේ ආගමික සභාපති පූජකවරයා කරන ලද
පැමිණිල්ලක් මත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව අධිකරණය හමුවේ පෙනී සිට කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ධර්මදාස පතිරන මහතා පැවසුවේය.
විමර්ශන අවසන්ව නොමැති හෙයින් බී වාර්තාවක් ඉදිරිපත් නොකරන අතර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමේ අව්‍යශතාවයක් ද නොමැති බව පොලිස් අධිකාරීවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අසාද් සාලි මහතා අත්අඩංගුවට ගන්නේ නම් ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළේය.
Posted in:
අත්අඩංගුවට ගැනීමට පෙර අසාද් සාලි ඇප ඉල්ලයි

0 comments for "අත්අඩංගුවට ගැනීමට පෙර අසාද් සාලි ඇප ඉල්ලයි"
Leave a reply