ජාතිවාදී SMS යැවුවැයි දෙදෙනෙක් අත්අඩංගුවට
සිංහල- මුස්ලිම් වෛරය උසිගැන්වෙන ආකාරයට ජාතිවාදී එස්.එම්.එස්. යැවූ බවට චෝදනා ලැබ පුද්ගලයින් දෙදෙනෙකු 28 දා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය දන්වනවා.
මෙම දෙදෙනාගෙන් එක් අයෙකු සිංහල ජාතිකයෙකු වන අතර අනෙක් තැනැත්තා මුස්ලිම් ජාතිකයෙකි.
රට තුළ ජාතිභේදය මතු කරවන්නට හේතු වන පණිවිඩ නිර්මාණය කර මේ ආකාරයට දුරකථන කෙටි පනිවිඩ ඊමේල් පෝස්ටර හෝ ෆේස් බුක් සමාජ ජාල ආදී සන්නිවේදන මාධ්‍ය භාවිතයෙන් අදහස් පතුරන පුද්ගලයින් ගැන තොරතුරු වෙතොත් පොලිස් මූලස්ථානයේ දුරකථන අංක 0112320141 හෝ 0112320145 ට දන්වන්න යයිද පොලිස් මූලස්ථානය ඉල්ලා
සිටිනවා.
මෙම ජාතිවාදී අදහස් පතුරන්නන් එස් එම් එස් මගින් බියවැද්දීම නිසා අම්පාරේ දැයට කිරුළ නැරඹීමට නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ පැමිණීමේ විශාල අඩුවක් පැවති බව අද උදෑසන වාර්තාවූ අතර ඒ හේතුවෙන් ඔවුනට බිය නොවන ලෙස දන්වමින් පොලිස්පතිවරයාගේ විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබුණා.
Posted in:
ජාතිවාදී SMS යැවුවැයි දෙදෙනෙක් අත්අඩංගුවට

0 comments for "ජාතිවාදී SMS යැවුවැයි දෙදෙනෙක් අත්අඩංගුවට"
Leave a reply