මෙරටට එන සංචාරකයන්ගෙන් වැඩි පිරිස ස්ත‍්‍රී දුෂකයන්, අපචාරකරුවන්
ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ස්ත‍්‍රී දුෂණයට මත්ද්‍රව්‍ය භාවිතයට හා අපචාරවලට අබ්බැහි වූ කළු ලැයිස්තුවට ඇතුළත් වූවන් බවත් ඒ නිසා අභිමානවත් රටවැසියන් වශයෙන් මේ ගැන සිතාබලා කටයුතු කළ යුතු ව ඇති බවත්
ගාල්ල දිස්ත‍්‍රික් නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත මහතා පැවැසීය.
ඒ මහතා එසේ පැවැසුවේ අම්බලන්ගොඩ හා ඇල්පිටිය පොලිසිවල මෙහෙයවීමෙන් අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන්, වෙළෙඳ ප‍්‍රජාව හා සිවිල් ආරක්ෂක කමිටුවලට
අයත් සාමාජික සාමාජිකාවන් විදේශ සංචාරක ව්‍යාපාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා අම්බලන්ගොඩ නගර ශාලාවේ දී පැවැති රැස්වීමක දී ය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ ද පැවැසුවේ ය.
‘අපේ රටේ ඇතැම් පුද්ගලයන් තම ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් තමන්ගේ ඉඩකඩම් විදේශිකයන්ට විකුණනවා. ඒවායේ පෞද්ගලික නිවාස විදියට නිවාස ඉදිකරගන්නා විදේශිකයන් විවිධ රටවලින් විදේශිකයන් මේ රටට ගෙන්වාගෙන තම නිවාසවල නතර කරගෙන මුදල් උපයා ගන්නවා. මේ ක‍්‍රමය නිසා අපේ රටට ලැබිය යුතු විදේශ විනිමය නො ලැබී යනවා.
රටට පැමිණෙන විදේශ සංචාරකයන් සුහදශීලීව පිළිගත යුතුයි. එහෙත් අපේ සංස්කෘතියට සභ්‍යත්වයට හානි සිදුවන කිසිවක් කිරීමට අපි ඉඩදිය යුතු නැහැ. ඒ ගැන විදේශ සංචාරකයන් දැනුම්වත් කළ යුතුයි. එසේ නැතිව සංචාරක ව්‍යාපාරය නිසි ක‍්‍රමවේදයක් නොමැතිව ඉබාගාතේ කරගෙන ගියහොත් සංචාරක ව්‍යාපාරය නිසා ම අපේ රටට බලවත් හානියක් සිදු විය හැකි යි’

0 comments for "මෙරටට එන සංචාරකයන්ගෙන් වැඩි පිරිස ස්ත‍්‍රී දුෂකයන්, අපචාරකරුවන්"
Leave a reply