කේෂනාලිකා වගේ තිබෙන F.M. නාලිකාවල සිටින ගිරා පෝතකයින් වැනි මාධ්‍යවේදී තරුණ තරුණියන් ජනමාධ්‍ය කොහොම ඉදිරියට ගෙනයාවිදැ යි
“රටේ දැන් ඉන්න ජනමාධ්‍යවේදීන් ටික මියගියාට පස්සේ කේෂනාලිකා වගේ තිබෙන F.M. නාලිකාවල සිටින ගිරා පෝතකයින් වැනි මාධ්‍යවේදී තරුණ තරුණියන් ජනමාධ්‍ය කොහොම ඉදිරියට ගෙනයාවිදැ යි විශාල ප්‍රශ්ණයක් පවතින බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්‍ය අත්තනායක එම්.හේරත් මහතා පවසයි. දකුණු පළාතේ පෙර පාසල් දරු දැරියන් සඳහා පුවත්පතක් මුද්‍රණය කරවා නොමිලයේ බෙදා දීමේ උත්සවයක් අද (07) ගාල්ල නගර සභා ශාලාවේ පැවැති අතර එහි ප්‍රධාන දෙසුම පවත්වමින් හේරත් මහතා එසේ පැවසීය.
“වාසනාවට වගේ එම ගිරාපෝතකයින්ට මුද්‍රිත ජනමාධ්‍ය ආක්‍රමණය කරන්න කරන්න බැහැ. ඒ,සිංහල බස ගැන නිවැරැදි වැටහීමක් නැති නිසා.” යැයි ද ඒ මහතා කීවේය. තමන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් දස දෙනකු සිටි බව
පැවසූ හේරත් මහතා ඒ සියලු දෙනාට පාසල් පොත්පත් රැගෙන දෙන්න දෙමව්පියන්ට වත්කමක් නොතිබුණ බව පැවසීය.
“ඒ කාලයේ බදුල්ල නගර සභාව දුප්පත් දරුවන්ට නොමිලයේ පාසල් පොත්පත් බෙදා දුන්නා. ඒ පොත් කියවලයි මම දැනුම ලබා ගත්තේ. විභාගවලින් පාස් වුණේ. ඒ නිසා බදුල්ල නගර සභාවට මම ණයගැතියි. බදුල්ල නගර සභාව නැත්නම් අත්තනායක එම්. හේරත් නමින් චරිතයකුත් අද නැතැ” යි ඒ මහතා සඳහන් කළේය. දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා මෙවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ බැවින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් උසස් පෙළ ගණිතය සහ විද්‍යාව සඳහා දිවයිනෙන් පළමු වැනි ස්ථානය දිනා ගන්නට හැකි විණැයි ද හේරත් මහතා පැවසීය.

0 comments for "කේෂනාලිකා වගේ තිබෙන F.M. නාලිකාවල සිටින ගිරා පෝතකයින් වැනි මාධ්‍යවේදී තරුණ තරුණියන් ජනමාධ්‍ය කොහොම ඉදිරියට ගෙනයාවිදැ යි "
Leave a reply