ඞීසල් වෙනුවට පෙට‍්‍රල් දාලා ඔබාමාගෙ ලිමොසින් එක ඊශ‍්‍රායලයේදී මග හිටලා
ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මේ දිනවල ඊශ‍්‍රායලයේ සංචාරයක නිරතවන අතර ඔහු එරටදී පරිහරණය කිරීම සඳහා ඇමරිකාවෙන් ගෙන ගිය ලිමොසින් රථයට වැරදීමකින් ඞීසල් වෙනුවට පෙට‍්‍රල් පිරවීම නිසා මග හිටීමෙන් එය භාවිතයෙන් ඉවත් කර අලූත්වැඩියාව සඳහා රැුගෙන ගොස් තිබෙනවා.
මෙම අකරතැබ්බය සිදුව ඇත්තේ ජනපති ඔබාමා ඊශ‍්‍රායලයේ ටෙල් අවිච් ගුවන් තොටුපළින් එරටට බසින්නට පෙරාතුවය. ආරක්ෂක විධිවිධාන නිසා ඇමරිකානු ජනපතිවරයා බාහිර රටක සංචාරයකදීත් තමාගේම රථයක් පරිහරණය කරන බැවින් ජනපතිවරයාගේ සංචාරයට පෙර කල් ඇතිව ඇමරිකාවේ සිට ඊශ‍්‍රාලයට ජනපතිවරයා පරිහරණය කරන ලිමොසින් රථය පිටත් කර යවා තිබුණා. පසුව ජනපතිවරයා ගුවන්තොටුපළට පැමිණෙන අවස්ථාවේ රියදුරු එයට
ඉන්ධන පුරවාගෙන ආ නමුත් වැරදීමකින් ඞීසල් වෙනුවට පෙට‍්‍රල් පුරවා තිබීම නිසා වාහනයේ එන්ජිම අක‍්‍රීයවී අතරමග නතරවුණා.
පසුව ට‍්‍රක් රථයක නංවාගෙන එය අලූත්වැඩියාව සඳහා ගෙනගියා.
මේ හේතුවෙන් ඔබාමා හෝටලය වෙත ගෙන යාමට වෙනත් ලිමොසින් රථයක් එරට රජයෙන් ලබාදුන් අතර පැය කිහිපයකට පසු ඔබාමාගේ සංචාරය අතරතුර පරිහරණයට වෙනත් ලිමොසින් රථයක් වොෂින්ටනයේ සිට පිටත්කර එවා තිබුණා.
අතිනවීන තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති බව කියන ඔබාමාගේ වෙඩි නොවදින බීස්ට් නමැති ලිමොසින් රථය ජෙනරල් මෝටර් සමාගම නිපදවූ කැඩිලැක් වර්ගයේ එකකි. 7 දෙනෙකුට එකවර ගමන් කළ හැකි එය දිගින් අඩි 18 කි. හදිසියකදී ආරක්ෂාවට භාවිතයට ගත හැකි කඳුළු ගෑස් විදිනයක් මෙන්ම වෙඩි තැබීමේ උපකරණ පවා එහි අන්තර්ගත වන අතර වානේ ඇලූමිනියම් ටයිටේනියම් හා සෙරමික් යොදා අ`ගල් 5 ක ඝනකමින් නිමැවූ ආවරණයකින් යුතුය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 2000 ක් පමණ වන බව පැවසෙනවා.






0 comments for "ඞීසල් වෙනුවට පෙට‍්‍රල් දාලා ඔබාමාගෙ ලිමොසින් එක ඊශ‍්‍රායලයේදී මග හිටලා"
Leave a reply