මහරගම මව මරයි ; පුතාටත් පිහියෙන් අනී
මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය රසායනාගාරයේ තාක්‍ෂණ ශිල්පිනියක 22 දා අලුයම ඇගේ දෙමහල් නිවස තුළදීම පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.ඇය ඝාතනය කළ සැකකරු ඇගේ පුතුට ද පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම නිසා ඔහු මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි
ඝාතනයට ලක්‌වී ඇති තාක්‍ෂණික ශිල්පිනිය 52 හැවිරිදි දෙදරු මවක වූ අතර ඇය බොරලැස්‌ගමුව කටුවාවල ඇහැලපේ තම නිවසේ තම බාල පුතු සමඟ වාසය කර ඇත.
මෙම ඝාතනයට සැකපිට එම නිවසේ උඩු මහලේ තැනීම් කටයුතුවල නිරත වූ පෙදරේරුවකු බොරලැස්‌ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම ඝාතනය සඳහා යොදාගනු ලැබූ පිහිය ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඝාතනයට ලක් වූ තිලකා නමැත්තියගේ සැමියා ඇයගෙන් වෙන්වී
හෝමාගම දියගම ප්‍රදේශයේ සිය වැඩිමහල් පුතු සමඟ වෙනම ජීවත් වන බව ද පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන බවත් ඔහු දැනට රත්මලානේ සමාගමක සේවය කරන අයකු බවත් පොලිසිය පවසයි.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු නිවෙසේ උඩුමහලින් නිවසට ඇතුළු වී මෙම තැනැත්තියට පිහියෙන් ඇනීමත් සමඟ ඇය පිහි ඇනුම් කාගෙන ඇගේ පුතු සිටි කාමරයට ගොස් ඇති බව ලේ පැල්ලම් සලකුණු ඔස්‌සේ කළ පරීක්‍ෂණවලදී අනාවරණය කරගත් බව පොලිසිය කියයි.
එම අවස්‌ථාවේදී ඇගේ පුතුට සැකකරු පිහියෙන් ඇන ඇති බවත් පිහි ඇනුම් කෑ එම පුතු නිවසේ ඉදිරිපස කාමරයේ ජනේලයකින් පැනගොස් සිය මවට යම් පුද්ගලයකු පිහියෙන් ඇන ඇති බව අසල්වාසීන්ට පවසා ඇති බවත් අනාවරණය වී ඇත.
පසුව මෙම සැකකරු ලණුවක ආධාරයෙන් නිවසේ උඩුමහලින් බැස අසල නිවසක එළිමහනේ තිබූ නාන කාමරයකට වැදී ලේ සහිත තම ඇඳුම් ගලවා නා පලාගොස් ඇති බවට කරුණු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.මෙම කාන්තාව ඝාතනය කිරීමට පෙර දූෂණයට ලක්‌වී ඇතිද යන්න පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවනු ඇතැයි පොලිසිය කියයි.
Posted in:
මහරගම මව මරයි ; පුතාටත් පිහියෙන් අනී

0 comments for "මහරගම මව මරයි ; පුතාටත් පිහියෙන් අනී"
Leave a reply