facebook පාවිච්චියෙන් අනන්‍යතාව අනතුරේ
ෆේස්බුක් හි ඇති ප්‍රොෆයිල මගින් අනනන්‍යතාවය අනතුරට පත්වන බව ලොව හොඳම ආරක්ෂක උපදේශක ලෙස සැලකෙන ෆ‍්‍රෑන්ක් ඇබග්නේල් පවසයි. තමා උපන්දිනය හා උපන් ස්ථානය දැනගත් පමණින් මෙය ඉතා පහසුවෙන් කල හැකියයි ඔහු අත්දැකීමෙන් දනී.
‘කැච් මී ඉෆ් යූ කැන්’ චිත‍්‍රපටයේ ඔහුගේ තරුණ විය නිරූපණය කලේ ලියනාඩෝ ඩි කැප්රියෝ විසිනි. උපන්දිනය හා ස්ථානය දුන්නොත් 98% නිවැරදිව අනන්‍යතාව සොරකම් කල හැකි බව යුරෝපා සමුළුවකදී ඔහු කියා තිබේ.
1969 දී ඔහුගේ අනන්‍යතාව වෙනස් කර සිදු කල අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුණු ඇබග්නේල් වසර පහක සිර දඬුවමකින් පසු අපරාධ සොයාගැනීමට බුද්ධි
අංශ වලට සහය දීමේ කොන්දේසිය මත නිදහස ලැබීය. FBI වෙනුවෙන් දශක ගණනක් සේවය කිරීමෙන් ෆෙස්බුක් වැනි සමාජ ජාල වලින් ඇති කරන තර්ජන ඔහු හොඳින් දනී.
තම උපාංග ෆෙස්බුක් වෙත සම්බන්ධ කරන අය සිටින ස්ථානය පවා හඳුනා ගැනීමේ ක‍්‍රම ඇත. ගූගල් සතු එක් වැඩටහනකින් මුහුණු හඳුනාගෙන ඒවා ෆෙස්බුක් වැනි සමාජ ජාල වල ඇති ප්‍රොෆයිල හා සසඳනු ලැබේ. ඊට ගතවන්නේ තත්පර 7ක වැනි කාලයක් බව ඇබග්නේල් කියයි.
ෆේස්බුක් ගූගල් වැනි ජාල මගින් තම පුද්ගලික තෙරතුරු බෙදා හැරීමට ඉඩ දුන්නත් එහි වගකීම ඇත්තේ පරිශීලකයන් අත බව ඔහුගේ අදහසයි. පල කෙරෙන තොරතුරු ගැන දෙවරක් සිතන ලෙස ඔහු අවවාද කර සිටියි. සිය පුතුන් තිදෙනාටද ෆේස්බුක් ගිණුම් ඇතත් අනන්‍යතාව ආරක්ෂාකර ගන්නා ආකාරය පිලිබඳව උපදෙස් දී ඇතැයි ඔහු කියයි.
වසර 50 කට පෙර තමා කල අපරාධ අද සිදු කිරීම ඊට වඩා හාරදහස් වාරයක් පහසු බව ඔහුගේ මතයයි. තාක්ෂණයන් නිසා අපරාධ පැටවු ගසන අතර රුවටිලිකාර පුද්ගලයකුට අද අවශ්‍ය වන්නේ අන්තර්ජාල සබඳතාවක් පමණක් බව ඔහු කියා සිටියි.
Posted in:
ෆේස්බුක් පාවිච්චියෙන් අනන්‍යතාව අනතුරේ

දන්න අයව විතරක් Add කර ගත්තනම්, කරදර ගොඩක් දුරට අඩුයි.
ReplyDelete