පහරදී සිසුවාගේ කණ පැලූවැයි ජාත්‍යන්තර පාසලේ ප‍්‍රින්සිපල් අත්අඩංගුවට
කොළඹ ජාත්‍යන්තර පාසලක 12 හැවිරිදි සිසුවෙකුගේ කන් අඩි පැළෙන්නට පහරදීමේ සිද්ධියක් නිසා එහි විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඊයේ උසාවියට ඉදිරිපත් කරනු ලදුව ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හැරියා.
මෙම සිද්ධිය වාර්තා වූයේ කොළඹ 7 වෝඞ් පෙදෙසේ පිහිටි සෙන්ට් නිකලස් ජාත්‍යන්තර පාසලෙනි. ජූඞ් ලෙනාඞ් නිරංජන් ප‍්‍රනාන්දු නමැත්තා මෙම සැකකාර විදුහල්පතිවරයාය.
පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කරන වේලාවක හයවෙනි ශ්‍රේණියේ පන්තියක් දෙසින් මහ හඬින් ඝෝෂාවක් ඇසී තිබෙන අවස්ථාවේ ඊට යාබද පන්තියක ඉගැන්වීම් කරමින් සිටි ගුරුවරියක විදුහල්පතිවරයාට පැමිණිළි කර ඇත්තේ ඝෝෂාව නගන පන්තියේ සිසුන් කිව්වට අහන්නේ නැති බවත් තමන්ගේ ඉගැන්වීම් කටයුතු කරන්නට අපහසුතා පවතින නිසා ඔවුන්ගේ ඝෝෂාව නතර කරදෙන ලෙසත්ය.
මෙම අවස්ථාවේ කෑකෝගසන ළමයි සිටි පන්තියට වේගයෙන් දිවගිය
විදුහල්පතිවරයා එයට ඇතුළුවී අශේන් සදීප ද සිල්වා නමැති 12 හැවිරිදි සිසුවාට පහරදී තිබෙනවා. එම පහරදීමත් සමග සිසුවා තවත් සිසුවෙකුගේ ඇගට පෙරළී ඇද වැටුණ බව වාර්තා වුණා.
මෙම අවස්ථාවේ සිද්ධිය විස්තර කළ සිසුවා කියා ඇත්තේ තමාමිතුරන් පිරිසක් සමග කථාබහ කරමින් සිටින අතරවාරයේ විදුහල්පතිවරයා පැමිණ ‘අශේන් ස්කූල් ෆීස් ගෙවලත් නැතිව මෙතන කෑගහනවා’ යයි බැණ වැදුණ බවත් වේගයෙන් තමාගේ දකුණු කණ දෙසට දෙවරක් පහරදුන් බවත්ය. දෙවැනි පහර වදිනවාත් සමගම තමාගේ දකුණු කණ ඇසෙන්නේ නැතිව ගිය බවත් එක්වරම සිහිසුන්ව සිසුවෙකුගේ ඇ`ගට ඇද වැටුණ බවත්ය.
තුවාල ලැබූ සිසුවාට ඔහුගේ මව විසින් පුද්ගලික රෝහලකදී පසුව ප‍්‍රතිකාර ලබාදී තිබෙනවා. එහෙත් ඔහුගේ දකුණු කණ දිගටම ඇසෙන්නේ නැතිව ගොස් තිබුණා.
රාජගිරියේ පදිංචි අශේන් සදීපගේ මව වන සුජීවා ද සිල්වා මෙම සිද්ධිය පොලිස් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි කර ඇත්තේ ඉන් පසුවය. සිසුවාව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට පෙන්වා ලබාගත් වාර්තාවේ දැක්වෙන්නේ මෙම පහරදීම නිසා සිසුවාගේ දකුණු කණේ කර්ණ පටලය සිදුරුවී ඇති බවකි. දෙසතියක පමණ ප‍්‍රතිකාර වලින් පසු ඔහුට සුවය ළ`ගා කරදෙන්නට උත්සාහ කරන බව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළා.
සිද්ධියෙන් පසු විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු කියා ඇත්තේ මේ පන්තියේ සිසුන් ගැන අවස්ථා කිහිපයකදීම පැමිණිළි ලැබී තිබුණ නිසා එදින තමා සැර වැර දැක්වූ බවකි. හිතාමතා සිසුවාට පහරදීමක් නොකළ බව ඔහු කිව්වා.කෙසේ වෙතත් පාසල් ගාස්තු ගෙවීම පැහැර හැරි බවට සිසුවාට ගහද්දී බැණ වැදුණ කතාව විදුහල්පතිවරයා කියා නැත.
අධිකරණයේදී විදුහල්පතිවරයා ලක්ෂ දහයක ශරීර ඇප මත මුදාහළේ සෑම සතියකම ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ වාර්තා කිරීමේ නියෝගයක් සමගය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විභාගය ඉදිරියේදී පැවැත්වෙනවා.

0 comments for "පහරදී සිසුවාගේ කණ පැලූවැයි ජාත්‍යන්තර පාසලේ ප‍්‍රින්සිපල් අත්අඩංගුවට"
Leave a reply