‘එයා රට වටේම හෝටල් ගානේ යනවා '' කිවායි සේමිණි දමිතාට එරෙහිව මිලියන 500 ක් වන්දි ඉල්ලා නඩු දමයි
අද කොළඹ දිසා අධිකරණයට සිය නීතීඥයින් මාර්ගයෙන් පැමිණිල්ලක් ගොනු කළ ටෙලි නිළි සේමිණි ඉද්දමල්ගොඩ සඳහන් කර තිබෙන්නේ ටෙලි නිළි දමිතා අබේරත්න පසුගිය ජනවාරි 13 වන දින ‘රන් එෆ් එම්’ පුද්ගලික ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ප‍්‍රසිද්ධියේ තමන්ට අපහාස වන ප‍්‍රකාශයක් සිදු කළ බවයි.
එම පැමිණිල්ලේ දැක්වෙන ආකාරයට ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡුාවේදී දමිතා සිය වචන වලින් කියා ඇත්තේ
‘සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා. එයා යන හෝටල් ගැන හොයන්න ගියොත් මට ලංකාව වටේම ඇවිදින්න වෙයි..’ යනුවෙනි.
වසර 16ක් පුරා වෘත්තිය ගරුත්වය
රැුකගෙන ක්ෂේත‍්‍රයේ රැුඳී සිටි තමාට මෙම ප‍්‍රකාශය නිසා අපහාසයක් වූ බවත් මෙම අපහාසයෙන් තමන් ගොඩනගාගත් කීර්ති නාමයට හානියක් සිදුවූ බවත් ඒ නිසා එයට වන්දි වශයෙන් දමිතාගෙන් මිලියන 500 ක වන්දි ඉල්ලා දෙන ලෙසත් මෙම පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නඩු විභාගය කැඳවන දිනය ඉදිරියේදී නමි කරනු ඇත.

0 comments for "‘එයා රට වටේම හෝටල් ගානේ යනවා '' කිවායි සේමිණි දමිතාට එරෙහිව මිලියන 500 ක් වන්දි ඉල්ලා නඩු දමයි"
Leave a reply