කොටකෙතන ඝාතනවලට දේශපාලන බලවතුන්ගේ සම්බන්ධයක් නැහැ - නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පසුගිය වකවානුවේ සිදු වූ කාන්තා ඝාතනවලට ප්‍රදේශයේ දේශපාලන බලවතුන් හවුල් බවට පළවූ ආරංචි සම්පූර්ණයෙන් ජනතාව නොමග යෑවූ බොරු ප්‍රචාරයන් බව පරීක්‍ෂණවලින් හෙළිවූ බව නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන මහතා පැවැසීය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ කොටකෙතන ප්‍රදේශයෙන් සමු ගැනීම වෙනුවෙන් ගම්වාසීන් විසින් සංවිධානය කර තිබූ උපහාර උත්සවයකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ගුණවර්ධන මහතා, කොටකෙතන ගමේ රැඳී සිටීමට තමන් කලින් බලාපොරොත්තු වුවත් පෞද්ගලික
හේතු කිහිපයක් මත එම අදහස් වෙනස්‌කර ගත් බව පැවැසීය. එසේ වුවද කිසි දිනක කොටකෙතන ගම අමතක නොකරන බවත්, අවශ්‍ය අවස්‌ථාවකදී ගමේ ජනතාව වෙනුවෙන් නැවත පැමිණෙන බවත් ගුණවර්ධන මහතා කීය.
කහවත්තට පැමිණෙන විට මගේ ඥතීන් සහ හිතවතුන් කිව්වා "කොටකෙතනට යන්න එපා මෙම පරීක්‍ෂණවලට ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය බලපෑම් කරනවා කියලා. නමුත් මට කිසිම දේශපාලනඥයකුගෙන් මෙම පරීක්‍ෂණවලට බලපෑම් එල්ල වුණේ නෑ. ඔවුන් හැම දෙනාම අවශ්‍ය සහයෝගය හැමවිටම ලබා දුන්නා. කොටකෙතන ඝාතන පිළිබඳ මා පුළුල් පරීක්‍ෂණ කළා. එහිදී සැබෑ සැකකරුවන් කව්දැයි අපි හඳුනා ගත්තා. ඒ අනුව අවශ්‍ය පියවර ගත්තා. දැන් ප්‍රදේශවාසීන්ට සැනසිල්ල උදා වෙලා" යෑයිද නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මෙහිදී පැවැසීය.
"කහවත්ත කොටකෙතන ඝාතන ගැන මාධ්‍යයෙන් විශාල ප්‍රචාරයක් ගෙන ගියා. නමුත් මම හිතන්නේ ඒ අමිහිරි මතකයන් නැවත නැවත සිහිපත් කිරීම අවශ්‍ය නැති බවයි. කොටකෙතන ගමේ සුන්දරත්වය, ගැමිසුවඳ, ආගන්තුක, සත්කාර වාර්තා කර මෙහි ජනතාවගේ ආත්ම ගරුත්වය, අභිමානයත් ආරක්‍ෂා කර දෙන්න යෑයි මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවත් වාස් ගුණවර්ධන මහතා මෙහිදී කීය.
වාස් ගුණවර්ධන මහතා තම කතාව අවසන් කරමින් "මා ඉතින් යන්න යනවා සමුගන්න අවසරයි" යන ගීතයේ කොටසක් ගායනා කිරීමත් සමඟ සහභාගි වී සිටි ගම්වැසියන් බොහෝ දෙනකුගේ දෙනෙති කඳුළු ගලා යන අයුරු දක්‌නට ලැබිණි. කොටකෙතන ගම්වැසියෙකු විසින් ඒ මහතාට සමරු තිළිණයක් මෙහිදී පිළිගන්වන ලදී
Posted in:

0 comments for "කොටකෙතන ඝාතනවලට දේශපාලන බලවතුන්ගේ සම්බන්ධයක් නැහැ - නියෝජ්‍ය පොලිස්‌පති වාස් ගුණවර්ධන"
Leave a reply