ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

තමිල්නාඩුවේ සිට එන ද්‍රවිඩයන්ට උපරිම දඬුවම් දෙනවා


තමිල්නාඩුව සමඟ මින් ඉදිරියට ශ්‍රී ලංකාව කිසිම ගනුදෙනුවක්‌ නොකරන බව රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

තමිල්නාඩුව අපේ ශ්‍රී ලාංකිකයන්ට කරන හිරිහැර අනුව මින්පසු තමිල්නාඩුවේ සිට පැමිණෙන ද්‍රවිඩයන්ට උපරිම මට්‌ටමෙන් නීති ප්‍රකාර දඬුවම් දෙන බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

මානව දයාව අනුකම්පාව නැතැයි කොටි හිතවාදීන් අපට චෝදනා කරනවා. ඒත් එම මානව දයාව සහ අනුකම්පාව නැත්තේ ඔවුන් ළඟයි. අපේ මිනිසත්කමෙන් ඔවුන් අයුතු ප්‍රයෝජන ගන්නවා.

මම හිතනවා, ශ්‍රී ලංකා වැසියන්ට සහ බෞද්ධ හිමිවරුන්ට
හිරිහැර කරන කොටි හිතවාදීන් අල්ලා ගැනීමට ඉන්දීය මධ්‍යම රජය මෙහෙයුම් කරයි කියලා. ඔවුන් අත්අඩංගුවට ගෙන උපරිම නීතිමය දඬුවම් ක්‍රියාත්මක කළ යුතුයි, යයිද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Posted in:

0 comments for "තමිල්නාඩුවේ සිට එන ද්‍රවිඩයන්ට උපරිම දඬුවම් දෙනවා"

Leave a reply