ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අලූගෝසුවන් දෙදෙනා සේවයෙන් ඉවත් කරයි


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය සඳහා බඳවා ගෙන සිටි අලූගෝසුවන් දෙදෙනා සේවයෙන් ඉවත් කළ බව එහි කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා ලංකාදීපයට පැවැසීය.

ඒ සමඟම හදිසි අවශ්‍යතාවකට මිස පවතින පුරප්පාඩු දෙක සඳහා අලූගෝසුවන් බඳවා නො ගැනීමට තීරණය කළ බව ද ඒ මහතා කීය.

සම්මුඛ පරීක්ෂණයකින් පසු බඳවා ගනු ලැබූ මෙම අලූගෝසුවන් දෙදෙනා පුහුණු පාඨමාලාවකට යොමුකර සිටිය දී ඉකුත් මස 22 වැනි දින නිවාඩු ලබා ගොස් නැවත නො පැමිණීම ඊට හේතු වශයෙන්
අසනීප වූ බවට අභියාචනා ඉදිරිපත් කර තිබුණි.

මෙම ප‍්‍රශ්නයට විකල්පයක් වශයෙන් මින් ඉදිරියට නවක බන්ධනාගාර නියාමකයන්ට අලූගෝසු පුහුණුව ද ලබාදීමට නියමිත ය.

Posted in:

0 comments for "අලූගෝසුවන් දෙදෙනා සේවයෙන් ඉවත් කරයි"

Leave a reply