මඩවලගේ ඝාතනයේ රස පරීක්‍ෂණ වාර්තා නෑ !
වෙඩි තබා ඝාතනය කරන ලද කැලණිය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධ අවි ආයුධ වල රස පරීක්‍ෂණ වාර්තා තවමත් ලැබී නැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට දැනුම්දී තිෙබ්.
එම ඝාතනයට අදාල නඩුව 14දා මහර මහෙස්ත‍්‍රාත්වරයා හමුෙව් කැඳවූ අවස්ථාෙවිදී අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව ෙම් බව හෙලි කළේය.
මෙහිදී හතර සහ පස්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඤ මහේෂ් පොතුවිල හා නීතීඥ රාජිකා ද සිල්වා තමා පෙනී සිටින විත්තිකරුවන් ව්‍යාපාරිකයන් බැවින් ඔවුන්ට චෙක්පත් සඳහා අත්සන තැබීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
මහේස්ත‍්‍රාත්වරයා පැමිණිල්ලේ නිලධාරීන් ඉදිරියේ ඔවුන්ට
චෙක්පත් අත්සන් තැබීමට අවසර ලබාදුන්නේය.
ඝාතනය සම්බන්ධයෙන් පළමු විත්තිකරුවන සූජීව රංගන පෙරේරා ඇතුළු සෙසු සැකකරුවන් වන සෝමරත්න කුමාර පෙරේරා, චතුරංග වීරසේකර, විදානපතිරණගේ සමන්, හේමන්ත කුමාර පෙරේරා සහ සිංගප්පූරු සරත් හෙවත් සරත් එදිරිසිංහ යළි ලබන මාර්තු 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
මේවන විට විත්තිකරැවන් වන කිරිබත්ගොඩ දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පුරු සරත් හා විදානපතිරණගේ සමන් නිෂාමන් යන දෙදෙනා නීතීපති අවසරය මත රජයේ සාක්කි කරුවෝ වී සිටිති.
Posted in:
මඩවලගේ ඝාතනයේ රස පරීක්‍ෂණ වාර්තා නෑ
.jpg)
0 comments for "මඩවලගේ ඝාතනයේ රස පරීක්‍ෂණ වාර්තා නෑ !"
Leave a reply