ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සමාජ සේවා අමාත්‍යංශ රියකින් ගංජා බෙදලා


ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ධීවර කාර්මිකයන් ඉලක්ක කර ගනිමින් පුද්ගලයෙකු විසින් කාලයක් මුළුල්ලේ පවත්වාගෙන ගිය මහ පරිමාණ ගංජා ජාවාරමක් හෙළිකර ගැනීමට ත්‍රීකුණාමලය පොලීසියේ දුෂණ මර්ධන අංශය සමත්ව තිබේ.
සැකකරු සමාජ සේවා අමාත්‍යාංශයට අයත් ගිලන් රථයක් යොදා ගනිමින් කල්මුණේ සිට ත්‍රීකුණාමලයට බාධාවකින් තොරව ගංජා ප්‍රවාහනය කර යතුරු පැදියකින් බෙදාහැරීම් කටයුතු සිදු කර ඇතැයි වාර්තාකරු පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක්
මත 15දා  ත්‍රීකුණාමලය 5 කණුව ප්‍රදේශයේ දී සැකකරු ගංජා කිලෝ පහක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී ඇත.

සැකකරු තවදුරටත් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර, ත්‍රීකුණාමලයට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Posted in:

0 comments for "සමාජ සේවා අමාත්‍යංශ රියකින් ගංජා බෙදලා"

Leave a reply