ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ගුවන් යානයක් මත්තලට ගොඩබාලා


එළැඹෙන 18 වැනි දා විවෘත වීමට නියමිත මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත 14දා පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල අසල ගුවනේදී අකරතැබ්බකට මුහුණදී ඇතැයි වාර්තාවේ.

පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන්යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන්නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. කෙසේවුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව ඇත.
නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි
මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා බැස්සවිමේදී හා නැග්ගවිමේදී මෙවැනි අනතුරු වලට ඉලක්කවිමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්'ගුවන් සමාගමේ ප්‍රධානියකු අපවෙත පැවසිය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ රාත‍්‍රියේ 8.15 ට පිටත් වූ 187 දරන ඒ-330 එයාර් බස් යානය සාර්ථකව පියාසර කර විනාඩි 25ක කාලයක දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රාත‍්‍රී 8.41 ට ළඟා විය.

මේ අතර මත්තල ගුවන් තොටුපලට යන මාර්ගයේදී වන අලියකුගේ පහරදීමෙන් 13දා  පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වූ අතර, ඒ හේතුවෙන් ගුවන් තොටුපල වටා 'අලි' වැටක් ඉඳි කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එහෙත් පියාඹන කුරුල්ලන්ගෙන් ගුවන් යානා වලට වියහැකි අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැත.

Posted in:

0 comments for "ගුවන් යානයක් මත්තලට ගොඩබාලා"

Leave a reply