දරුණු ඒඩ්ස් රෝගි සිරකරුවකු නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් පැන පළා යන්නට උත්සහයක්
කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිට ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට රැගෙන ගිය දරුණු ඒඩ්ස් රෝගි සිරකරුවකු බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් පැන පළා යන්නට සැරසුන මොහොතේ බන්ධනාගාර නිලධාරින් සිය ජීවිතයට තිබෙන අවධානම නොතකා පොරබදා එම සිරකරුවා යළි අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිරකරුවා ඇතුළු තවත් සිරකරුවන් හය දෙනෙක් අද දහවල් 2ට පමණ කොළඹ ජාතික රෝහලේ සායන සඳහා වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරින් විසින් ගෙනැවිත් තිබේ. මෙම සිරකරුවන්ට සිරකාරියන් හතර දෙනෙක් සහ සිරකරුවන් තුන් දෙනෙක් ඇතුලත් වී තිබේ. මෙම සිරකරුවන් පිරිස සඳහා බන්ධනාගාර රෝහල් අධිකාරිය විසින්
ලබා දී ඇත්තේ නිලධාරින් තුන් දෙනෙක් වන අතර සිරකරුවන් හත් දෙනා සායන කිහිපයකට අයත් වූවන් වූහ.
සාමාන්‍යයෙන් වෛද්‍යවරයකු හමුවට බන්ධනාගාර රැඳවියකු පමුණුවන්නේ ඔහුට දමා තිබෙන මාංචු ගැලවීමෙන් පසුවයි. එසේ මාංචු ගලවා මෙම සිරකරුවා වෛද්‍ය සායනය සඳහා වෛද්‍යවරයා හමුවට පමුණු වූ අවස්ථාවේ ඔහු එක්වරම බන්ධනාගාර නිලධාරියා පසෙකට තල්ලු කර දමා දුවන්නට පටන් ගෙන ඇත.
පැන යන ඒඩ්ස් සිරිකරුවා පසුපස එලවා ගොස් මහා මාර්ගයේදී සිරකරුවා යළි අත්අඩංගුවට ගන්නට බන්ධනාගාර නිලධාරියා සමත් වී තිබේ. එහිදී සිදු වූ පොර බැදීමකින් සිරකරුවා සහ බන්ධනාගාර නිලධාරියාටද තුවාල සිදු වී ඇත.
එම නිලධාරියාගේ රුධිර පරීක්ෂා දෙවරක් මේ වනවිට සිදුකර තිබේ. ඒ කොළඹ ජාතික රෝහලේ දී සහ බන්ධනාගාර රෝහලේදීය. ඒඩ්ස් සිරකරුවන් රැගෙන යාමේ දී ලබා දිය යුතු සෞඛ්‍ය ආරක්ෂක උපකරණ කිසිවක් බන්ධනාගාර නිලධාරින් වෙත ලබා දී නැතැයි ද වාර්ථා වේ.

0 comments for "දරුණු ඒඩ්ස් රෝගි සිරකරුවකු නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් පැන පළා යන්නට උත්සහයක්"
Leave a reply