ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කහ ඉර මාරුවෙමින් සිටි සිසුවියගේ සිරුර අල්ලලා


කහ ඉර හරහා පාර මාරුවෙමින් සිටි 19 හැවිරිදි ශිෂ්‍යාවගේ ශරීරය ස්පර්ශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඞ් භාරයේ පසුවූ සැකකරුවකු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත රිමාන්ඞ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ඒ. එම්. පී. එන්. අමරසිංහ මහතා නියෝග කළේය.

රිමාන්ඞ් භාරයේ සිට ඇප නියම වූ සැකකරු වූයේ තංගල්ල බෙලිඅත්ත පදිංචිකරුවකු වූ දසන්ත වීරසිංහ නමැත්තෙකි. එම සැකකරුට එරෙහිව ජාඇල පොලිසිය විසින් ගොනු කළ පැමිණිල්ල අනුව මෙහි පැමිණිලිකරු වූයේ ජාඇල බංඩිගොඩ ප‍්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ශිෂ්‍යාවකි. ඇය උපකාරක පංතියක් කරා යැමට කහ ඉර හරහා පාර මාරුවෙමින්
සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇත. පසුව ප‍්‍රදේශවාසියකු විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදී ඇත. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඞ්ප‍්‍රි කුරේ මහතා පෙනී සිටියේය.

Posted in:

0 comments for "කහ ඉර මාරුවෙමින් සිටි සිසුවියගේ සිරුර අල්ලලා"

Leave a reply