ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

චාවේස්ගේ සිරුර සංරක්ෂණය අමාරුලූ


පසුගියදා මියගිය වෙනිසියුලානු නායක හියුගෝ චාවේස්ගේ සිරුර පසුකාලීන මහජන ගෞරවය පිණිස සංරක්ෂණය කිරීමට එරට රජය කටයුතු කරන්නට සූදානම්වූ නමුත් මේ වනවිට සිරුර පරීක්ෂා කිරීමට පැමිණි විශේෂඥයින් කියා ඇත්තේ එය කරන්නට බැරි බවයි.
රුසියාවෙන් හා ජර්මනියෙන් ගෙන්වූ විශේෂඥවරු කියා ඇත්තේ පිළිකාවෙන් පීඩාවට පත්ව මියගිය නායකයාගේ සිරුර දැන් විකෘති තත්වයක පසුවන නිසාත් සංරක්ෂණ කටයුත්තට ඔවුන් ගෙන්වීම පමාවීම නිසාත් දැන් එය කරන්නට අමාරු අවධියක පසුවන බවයි.ඒ නිසා
සංරක්ෂණ කටයුත්ත අත්හරින බව ඔවුන් පවසයි.චාවේස් වෙනුවෙන් එරට පැවති ජාතික ශෝක කාලය අදින් අවසන් වන අතර ඔහුගේ සිරුරට කරන්නට යන ඉදිරි පියවර තවම එරටින් වාර්තා නොවේ.
මින් පෙර පිලිපීනයේ මාකෝස් උතුරු කොරියාවේ කිම් ජෝ ඉල් වැනි නායකයින්ගේ සිරුරු සංරක්ෂණය කර තිබුණ අයුරු පහත ඡුායාරූප වල දැක්වෙනවා.


Posted in:

0 comments for "චාවේස්ගේ සිරුර සංරක්ෂණය අමාරුලූ"

Leave a reply