අනුරාධපුර දුෂණය කර කතක මැරුවැයි යාචකයෝ තිදෙනෙක් දැලේ
අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්‌ථානයට නුදුරු අඟුරුමඩුව අසල පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නිල නිවාසයක් පසුපසදී 13 දා 69 හැවිරිදි කාන්තාවක දූෂණය කර මරා දැමීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අනුරාධපුර පොලිසිය විසින් ඊයේ 14 දා අත්අඩංගුවට ගන්නා ලදී.
දුම්රිය ස්‌ථානය අසල ප්‍රදේශයේ සිඟමන් යදින යාචකයන් තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
තිදෙනාම වයස අවුරුදු 27 හා 30 යන වයසේ පසුවන්නන් බවත් තඹුත්තේගම, වෙන්නප්පුව හා අනුරාධපුර, පරසන්ගස්‌වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් හෙළිවී තිබේ.
ඝාතනයට ලක්‌වූ කාන්තාව ගාල්ල ර-ගම හෑගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් මන්ද මානසික තත්ත්වයෙන් පසුවූ ඇය සිය නිවසින් පිටත්වී අනුරාධපුරයේ සැරිසරමින් සිටියදී ඝාතකයන්ට හසුවී ඇති බවත් අනාවරණයවී ඇත.
අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිස්‌ස විතානගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

0 comments for "අනුරාධපුර දුෂණය කර කතක මැරුවැයි යාචකයෝ තිදෙනෙක් දැලේ"
Leave a reply