ලසිත් මාලිංග එදා සහ අද
ක‍්‍රීඩක ලසිත් මාලිංග පසුගිය දිනෙක මාධ්‍යය ඉදිරියේ විනය විරෝධීව හැසිරීමෙන් පසු ඒ සිද්ධිය ගැන විමර්ශනයට ක‍්‍රිකට් ආයතනය මගින් ත‍්‍රී පුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා.
කමිටුව ඉදිරියේ සිද්ධිය ගැන අදහස් පළකිරීමට මාලිංග පැමිනිමේදි වෙනදා මෙන් මාධ්‍ය කැමරා ශිල්පීන් ඊයේත් ඔහුගේ පැමිණීම වාර්තා කිරීමට ගොස් තිබුණා ආයතනයට ඇතුළුවන අවස්ථාවේ වාහනයෙන් බැසගත් මාලිංගබීම බෝතලයක් බොමින් කිසිවෙකු නොදුටු ගාණට එතැනින් ගමන් කළා.
අනතුරුව ඔහු කටයුත්ත නිමවා නැවත වාහනයට එද්දී මාධ්‍ය වේදියෙක් ඔහු අසළට ගොස් ‘පරීක්ෂණේට මොකක්ද වුනේ?’ යනුවෙන් ඇසුවත් මාලිංග එයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වූයේ නැත. සන්ග්ලාස් පැළඳ කිසිවක් නොදුටු හා නෑසුණු ගාණට සිටි ඔහු වාහනයට නැගගෙන එතැනින් පිටත්ව ගියා.
Posted in:
ලසිත් මාලිංග එදා සහ අද

0 comments for "ලසිත් මාලිංග එදා සහ අද"
Leave a reply