ජ’පුර රෝහලේදී දොස්තරගෙන් ගැබිණියකට අතවර
විෂාන් ජයශාන්ත පරනමාන (34) නමැති වෛද්‍යවරයෙකු විසින් දරු ප‍්‍රසූතිය සඳහා ජයවර්ධන රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි කාන්තාවකට අතවරයක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එම රෝහලේ වෛද්‍යවරයකුට එරෙහි ව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.
දරු ප‍්‍රසූතිය සඳහා රෝහල් ගත කොට සිටි රූමත් තරුණ මවක පරීක්ෂා කිරීමට යැයි කියා අලූයම් කාලයේ දී ඇය රෝහල් කාමරයකට තනිව ගෙනගොස් වෛද්‍යවරයා ඇයට අතවර කළේ යැයි නඩු ගොනුවේ සඳහන් වේ.2009 සැප්තැම්බර් මාසයේ දිනෙක දරු ප‍්‍රසූතිය සඳහා ශ‍්‍රී
ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කොට සිටි කාන්තාවකගෙන් ලිංගික තෘප්තියක් ලබාගැනීම සඳහා විත්තිකාර වෛද්‍යවරයා කටයුතු කොට ඇති බව ද චෝදනා පත‍්‍රයේ සඳහන් වේ.
සිය කුසෙන් දරුවා බිහිකරන්නට ආසන්න අපහසු අවස්ථාවක සිටි මේ මවට මේ කරදරයෙන් බේරෙන්නට වාරුවක් තිබී නැති අතර ඇය මේ සිද්ධිය ඉවසා සිට පසුව සැමියාට කීමෙන් අනතුරුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මේ ගැන පරීක්ෂණයක් පවත්වනු ලැබුවා. එයින් මේ වෛද්‍යවරයාගේ ක්‍රියාව සැකකටයුතු බව තහවුරුවීම නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 345 හා 365 වගන්ති අනුව නඩු ගොනු කරන්නට නීතිපතිවරයා කටයුතු කර තිඛෙනවා.
Posted in:
ජ’පුර රෝහලේදී දොස්තරගෙන් ගැබිණියකට අතවර

0 comments for "ජ’පුර රෝහලේදී දොස්තරගෙන් ගැබිණියකට අතවර"
Leave a reply