පාකිස්තානයෙන් පවුල් පිටින් ඇවිත් අන්තවාදී කණ්ඩායමක් මෙරට ආගම් ප්‍රචාරයේ
පාකිස්තානයේ ක්‍රියාත්මක අන්තවාදී මුස්ලිම් ආගමික කණ්ඩායමකට සම්බන්ධ පිරිස් සංචාරක වීසා මගින් විටින් විට පැමිණ මෙරට රැඳී සිටිමින් සිය ආගමික මතවාද ප්‍රචාරය කරමින් සිටින බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබි තිබේ.
එම ආගමික කණ්ඩායමේ මෙරට පිහිටි පල්ලියක අනුග්‍රහයෙන් පැමිණෙන ඔවුන් පාකිස්තානයේ ජීවත්විය නොහැකි බවටත් ජීවිත තර්ජන තිබෙන බවටත් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමට දැනුම් දෙන බවත් ඒ අනුව එමගින් රැකවරණය ලබමින් ඔවුන් මෙරට රැඳී සිටින බවටත්, තොරතුරු ඇතැයි බුද්ධි අංශ නිලධාරියෙක් ‘ලක්බිම’ට අනාවරණය කර ඇත.
පාකිස්තානයේ සිට මීට සති දෙකකට පෙර එසේ සංචාරක වීසා මගින් පැමිණ වසරක කුලියකට නිවසක් මිලදී ගෙන රැඳී සිටි එම මුස්ලිම් ආගමික කාණ්ඩායම 09 දෙනෙක් කොටුකර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය 03දා සමත්ව ඇත. ඔවුන්ද මේ වනවිට මෙරට රැකවරණය ඉල්ලා තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
සංචාරකයන් ලෙස පවුල් පිටින් මෙරටට පැමිණ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රැකවරණය ඉල්ලමින් රැඳී සිටින මෙම ආගමික කණ්ඩායම මෙරට ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බව බුද්ධි අංශ නිලධාරියෙක් පැවැසීය.

0 comments for "පාකිස්තානයෙන් පවුල් පිටින් ඇවිත් අන්තවාදී කණ්ඩායමක් මෙරට ආගම් ප්‍රචාරයේ"
Leave a reply