ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මම කවදාවත් දේශපාලනය කරන්නෙ නෑ -කාවිංග


එජාප ක‍්‍රියාකාරිකයෙකුව සිට අභාවප‍්‍රාප්ත ලාල් පෙරේරා මහතාගේ පුත‍්‍රයෙකු වන ටෙලි නළු කවිංග පෙරේරාද සිය පියාව අනුගමනය කරමින් දේශපාලනය කරනු ඇති බවට ඇතැම් අය අනුමාන කළත් තමා කිසිදා දේශපාලනයට නොඑන බව කවිංග පවසනවා.
සති අන්ත රිවිර පුවත්පතේ ලිපියකට අදහස් දෙමින් ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය.
‘අප්පච්චි නැතිවුණ දවස්වල මම දේශපාලනයට එනව කියල රාවයක් පැතිරුණා. ඒත් මම කවදාවත්
දේශපාලනඥයෙක් වෙන්නෙ නෑ. මගේ වෘත්තිය රංගනය.
මගේ අප්පච්චි දේශපාලනඥයෙක් කියල බොහෝ අය දන්නෙත් ඔහු මියගිය පසුවයි. කවදාවත් මම මගේ තාත්තා කියල මගේ ප‍්‍රතිරූපය ඔහුගේ දේශපාලන ප‍්‍රතිරූපය මත ගොඩනගාගත්තෙ නෑ.
මම දේශපාලනඥයෙක් වෙන්නෙ නෑ. නමුත් අප්පච්චි වටා හිටිය කම්කරු ජනතාවට මම යමක් කළ යුතුයි.’

Posted in:

0 comments for "මම කවදාවත් දේශපාලනය කරන්නෙ නෑ -කාවිංග"

Leave a reply