රන්ජන් – අනර්කලී ගැටුමක්
රංගන ශිල්පී රන්ජන් රාමනායක හා රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා මෙනවිය අතර රාජගිරිය ප‍්‍රදේශයේ අවන්හලක පැවැති මුහුරත් උළෙලක දී අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.
එහි දී ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් රන්ජන් රාමනායක මහතා එම මුහුරත් උළෙලින් වහා ම පිට ව ගොස් ඇති අතර අනර්කලී සිටිනවා නම් එම චිත‍්‍රපටයේ රඟපෑමට සහභාගි නො වන බවට ආදාළ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයාට ද දැනුම් දී තිබේ.
උත්සව භූමියෙන් පිටව යන විට අනර්කලී ආකාර්ෂාව ද තල්ලූ කරමින් ඉන් ඉවත් වී ගිය අතර එම අවස්ථාවේ රංගන ශිල්පිනිය බිම ඇද වැටී ඇති බවට වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනර්කලී ආකර්ෂා මෙනවිය කියා
සිටියේ රන්ජන් රාමනායක මහතා දේශපාලන කෝන්තරයක් පිට කිරීමට තමන් සමඟ උරණ වී ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අනර්කලී ආකර්ෂා මෙනවිය මෙසේ ද පැවැසීය.
‘ඉටිමල් ටෙලි නාට්‍යයේ දීත් මෙයා මාත් එක්ක ප‍්‍රශ්න දාගෙන කැත විදිහට බැණලා ප‍්‍රශ්නයක් ඇතිවුණා. පස්සේ ගොසිප් වෙබ් අඩවිවලට ඒ ප‍්‍රශ්නය විකෘති කරලා පළ කළා. මේක දේශපාලන කෝන්තරයක්. මෙයා හැම වෙලේ ම කියන්නේ මම ආණ්ඩු පක්ෂ පළාත් සභා මන්ත‍්‍රීවරියක් නිසා මට මේ රංගන කටයුතුවල දී වැඩි සැලකිලි ලැබෙනවා කියලා. එහෙම කිසිදු සැලකිල්ලක් මට ලැබිලා නැහැ’
මේ පිළිබඳ ව රන්ජන් රාමනායක මහතා පැවසුවේ මෙවන් අදහසකි.
‘එහෙම කිසිදු සිදුවීමක් වුණේ නෑ. මේ උත්සවයේ හිටපු හැම දෙනා ම ඒකට සාක්ෂි දරයි. මෙතුමිට මට රංගන ක්ෂේත‍්‍රයේත්, දේශපාලන වේදිකාවලත්, මාධ්‍යවලිනුත් මඩ ගහගෙන යනවා. ඒ නිසා මෙතුමියගේ ප‍්‍රකාශ මම ගණන් ගන්නේ නැහැ. ඇය මෙවැනි අද්භූත චෝදනා පසුගිය කාලේ කිහිප දෙනෙකුට කළා. මට හැමදාම චිත‍්‍රපට තියෙනවා. මෙතුමිය ගැන කලා ක්ෂේත‍්‍රයේ ඕනෑ ම කෙනෙක් දන්නවා’
Posted in:
රන්ජන් – අනර්කලී ගැටුමක්

ex-unofficial wife(prostitute).that is the problem
ReplyDelete