බොදු බල සේනා තවත් වැටලීමක්… මීවතුරේ ලැගුම්හලක් දළදා මාලිගාවට අපහාස කරලා
මහනුවර මීවතුර ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ලැගුම්හලක් වැටලූ බොදු බල සේනාවේ මහනුවර දිස්ත‍්‍රික් සංවිධානයේ භික්ෂූන් වහන්සේ සහ ගිහි කණ්ඩායමක් එම ලැගුම්හලේ ගරාජයක බිත්තියේ අලවා තිබූ දළදා මාලිගාවේ දැවැන්ත ඡයාරූපයක් වහා ගලවා ඉවත් කරන්නැයි බල කළ අවස්ථාවේ දී පේරාදෙණිය පොලිස් නිලධාරීහු පිරිසක් එහි පැමිණ සිද්ධිය සමථයකට පත් කොට දළදා මාලිගාව දැක්වෙන ඡයාරූපය ගලවා එය පොලිසිය බාරයට ගෙන තිබේ.
මේ අන්දමින් ශ‍්‍රී දළදා මාලිගයේ ඡුායාරූපයක් ගරාජයේ බිත්තියේ ඇලවීමෙන් ශ‍්‍රී දළදා මාලිගාවට අපහාස වන පරිදි ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් එම ලැගුම් හල පවත්වාගෙන්
ගිය මුස්ලිම් ජාතිකයන් දෙදෙනාට එරෙහි ව අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ අංක 291 (අ) වගන්තිය යටතේ නඩු පවරන බවද පොලිසිය පවසයි.
ශ‍්‍රී දළදා මාලිගාවේ ඡුායාරූපයක් ගරාජයේ බිත්තියේ අලවා තිබීම දළදා මාලිගාවට කරන ලද අපහාසයක් බවට බොදු බල සේනාවේ භික්ෂූන් වහන්සේ පැමිණිලි කළ බවත් ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ බවත් පොලිසිය සඳහන් කරයි.
Posted in:
මීවතුරේ ලැගුම්හලක් දළදා මාලිගාවට අපහාස කරලා

0 comments for "බොදු බල සේනා තවත් වැටලීමක්… මීවතුරේ ලැගුම්හලක් දළදා මාලිගාවට අපහාස කරලා"
Leave a reply