මුස්ලිම් ජනතා ඉවසීම බයක්-නිවටකමක් සේ සලකන්න එපා
තම නොහැකියාව, අකාර්යක්‍ෂමතාව දූෂණල වංචා හා අක්‍රමිකතා වසා ගැනීමට අලුත් බිල්ලෙක් නිර්මාණය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත්, දැන් සිංහල දෙමළ භේදයක් ඇතිකළ නොහැකි නිසා සිංහල මුස්ලිම් භේදයක් ඇති කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත් මුස්ලිම් ජනතාවට එරෙහිව විෂබීජ පාසල්වලටද ගෙන ගොස් ඇති බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.
මුස්ලිම් ජනතාවගේ ඉවසීම, බයක්, අඩුවක් හෝ නිවටකමක් ලෙස නොසලකන ලෙසත්, ඔවුන්ට කරන හිරිහැර හිංසා පීඩා නැවැත්වීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් මුස්ලිම් ජනතාව ඊට එරෙහිව නැඟී සිටීම නොවැළැක්විය හැකි බවත් එයින් රටට සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වය පිළිබඳව ආණ්ඩුව වහා අවධානය යොමුකළ යුතුව ඇති බවටත් ඔහු ආණ්ඩුවට අනතුරු අඟවයි.
රාජගිරිය ජාතික වතු කම්කරු සමිති මධ්‍යස්ථානයේ
පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළ කළ රහුමාන් මහතා මුස්ලිම් ජනතාව මුහුණදී සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව කබීර් හෂීම් මන්ත්‍රිවරයාගේ සභාපතිත්වයෙන් යුත් මුස්ලිම් නියෝජිත පිරිසක් පොලිස්පතිවරයා හමුවී කරුණු දැක්වීමට පියවර ගෙන ඇති බවද ප්‍රකාශ කෙළේය.
පසුගියදා දෙමටගොඩ හා අලුත්ගම මස් මඩු පරීක්‍ෂා කර ඇති කඩාපනින හමුදාව ඕපනායක හා මහර මුස්ලිම් පල්ලිවලටද පහරදීමෙන් නොනැවතී බේරුවල මුස්ලිම් ජනතාව පලවා හැරීම සඳහා පෝස්ටර් ගසා අත්පත්‍රිකා බෙදාහැර ඇති බවත් ඕ.අයි.සී.ගේ, පී.එච්.අයි.ගේ හා සී.අයි.ඩී.යේ රාජකාරි කරන්නට මෙම කඩාපනින හමුදාවට ලයිසන් දුන්නේ කවුරුන්දැයි ප‍්‍රශ්ණ කරයි.
.jpg)
0 comments for "මුස්ලිම් ජනතා ඉවසීම බයක්-නිවටකමක් සේ සලකන්න එපා"
Leave a reply