ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නාමල්ගේ ඒවා මට ගේන්න එපා - P.B


 පි.බී ජයසුන්දර හා ජන සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
අතර පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්විණි. මේ සඳහා
තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගිවී සිටියහ.
 මෙහිදී එක් නිලධාරියෙක් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ නාමල් රාජපක්ෂගේ සංවර්ධන කටයුතු රාශීයක් ඇති
බවත් ඒ සඳහා මුදල් අවශ්‍ය බවත්, නාමල් රාජපක්ෂට වැඩි ප ‍්‍රමුඛතාවයක් ලබා
දිය යුතු බවද ප‍්‍රකාශ කලේය.
මෙහිදී නාමල් මන්ත‍්‍රීතුමා මේ ගැන අහන නිසා කඩිනමින් මෙම ම ුදල් ලබා දිය යුතු බවත් එම නිලධාරියා
ප‍්‍රකාශ කලේය. පී.බී ජයසුන්දර පරල වී "නාමල් නිකන් මන්ත‍්‍රීවරයෙකු විතරයි. ජනපති නෙවෙයිනෙ.
අනික ජනපතිටත් මාව  ඕනෙ වෙනවා.
ඒක නිසා මම කියන විදිහට වැඩ කරන්න"
යැයි පවසා ඇත. මෙහිදී එම නිලධාරියා නාමල් රාජපක්ෂ හම්බන්තොට සිදු
කරන කාර්්‍යයන් වලට මූල්‍ය ප ‍්‍රතිපාදන ලබා දෙන ලෙසට නැවතත් ඉල්ලා
සිටියහ. නැවතත් පී.බී ජයසුන්දර ප‍්‍රකාශ කර ඇත්තේ මේ තමුන් මම කියන
විදිහට වැඩ කරන්න. මෙතන නාමල්ගෙන් වැඩක් නෑ දැන් ඔය විමල් කෑගැහුවට
වැඩක් වෙලා තියනවද? මම ගැන ජනාධිපතිටයි, ගාමිණී සෙනරත්ටයි කේලම්
කියපු ඔක්කොම මම මාරු කලා. නිකම් ප ‍්‍රශ්ණ ඇති කර ගන්න එපා නාමල්ගේ
ඒවා මට ගේන්න එපා යැයි පැවසිය.

Posted in:

0 comments for "නාමල්ගේ ඒවා මට ගේන්න එපා - P.B"

Leave a reply