ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ආර්ථික ඝාතකයන්ගේ තවත් එක් ඝාතනයක්


පානදුර සාගර මාවතේ පිහිටි නිවසක් තුළ මියගොස් සිටියදී 28දා පෙරවරුවේ සොයාගත් මව, පියා සහ අටමස්‌ හැවිරිදි බිලිඳියගේ මරණය, පියා විසින් ඔවුන් ඝාතනය කර ඔහුද සියදිවි නසා ගැනීමක් බව මෙතෙක්‌ සිදුකර ඇති පරීක්‍ෂණවලට අනුව පොලිසිය සැකකරයි.

මෙම පවුල මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ අතර පානදුර සාගර මාවතේ නිවසට පැමිණ ඇත්තේ මීට වසර තුනකට පමණ උඩදීය. කුලී පදනම මත මොවුන් මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර දැඩි ආර්ථික අගහිඟකම් මැද ජීවත් වී ඇත.

සිය දිවි හානිකර ගත් බවට සැක කරන නිරෝෂන් නමැත්තා හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසු කුලී රථ රියෑදුරකු ලෙස සේවය කර තිබේ. මොවුන් මාස 05කින් ගෙවල් කුලී ගෙවා
නැති අතර නිරෝෂන් නමැත්තා විශාල පිරිසකගෙන් ණයට මුදල් ලබාගෙන ඇති බවද අවට වැසියන්ගේ ප්‍රකාශවලින් හෙළි වී තිබේ.

ඔවුන් පවසන පරිදි ණය හිමියන් නිතර නිතරම නිවසට ඒම නිසා මොවුන් දැඩි අපහසුතාවට පත්ව සිට ඇත. මෙම ප්‍රශ්න ගලාඑන්නට වීමත් සමග ඝාතනයට ලක්‌ වූ ශිරාණිටද සුළු මානසික ආබාධයක් වැලඳී තිබේ. ඇය මානසික ආභාදයකින් සිටි බව පරීක්‍ෂණවලින්ද හෙළි වී ඇත.

ආර්ථික ප්‍රශ්නත්, බිරිඳගේ මානසික ආබාධයත් නිසා නිරෝෂන් දැඩි මානසික පීඩනයකින් ජීවත් වූ අයෙකි. මොහු අවස්‌ථා කීපයකදීම අසල්වැසියන් සමග පවසා ඇත්තේ පුංචි දරුවා නැත්නම් තමන් හිස හැරුණු අතක යන බවයි.

දැනට සිදුකර ඇති පරීක්ෂණ අනුව ඝාතනය සිදුව ඇත්තේ මෙසේය.

නිරෝෂන් නමැත්තා සිය බිරිඳගේ ගෙල තියුණු ආයුධයකින් කපා දමා, බිම ඇතිරූ පැදුරක්‌ මත කුඩා දරුවා ඝාතනය කර සිටි අතර කොට්‌ටයක් දරුවාගේ‌ මුහුණට ඔබා හුස්‌ම හිරකිරීමෙන් එම දරුවා මරා දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

නිරෝෂන් නමැත්තාගේ සිරුර සාලයේ බාල්කයේ එල්ලෙමින් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.

බිරිඳ ඝාතනය කිරීමට යොදා ගත් බවට සැකකරන පිහියක්‌ නිවසේ වැසිකිළියේ කොමඩ් එක තුළ සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.

Posted in: ,

0 comments for "ආර්ථික ඝාතකයන්ගේ තවත් එක් ඝාතනයක්"

Leave a reply