මාවයි ජනාධිපතිතුමාවයි සම්බන්ධ කරලත් කථා හදල තිබුණා - සහේලි ගමගේ
ආයුබෝවේවා මහරජාණෙනි ගීතයෙන් ජනප‍්‍රිය වූ ගායිකා සහේලි ගමගේට පසුගිය කාලයේ නොයෙකුත් කතා හැදුණා. පසුගිය කාලයේ ඇය රට හැර ගොස් සිටියා.ළ`ගදී ඇය යළිත් ලංකාවට පැමිණි අවස්ථාවේ පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවකින් පරණ සිද්ධි ගැන හෙළිකර තිබෙනවා.
තමාව හා ජනපතිවරයා සම්බන්ධ කරමින් පවා පසුගිය කාලයේ මඩ ප‍්‍රචාර තිබුණ බවත් තමා රට හැර ගියේ මේවා නිසා යයිද වැරදි කතා පැතිරුණ බවත් ඇය කියනවා.
තමා රටහැර යාමක් සිදු නොවූ බවත් එක්සත් ජනපදයට ගියේ ග‍්‍රීන් කාර්ඞ් එක නිසා බවත් තමාගේ පියා මාලඹේ වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් තමාට ලක්ෂ 42 කට අධික මුදලක් වැය කළත් එම උපාධියේ පිළිගැනීම ගැන ගැටලූ මතුවීම නිසා එය අත්හළ බවත් පවසනවා.
තමාගේ නමින් මහරගම පාරක් නම් කළේ මහජන උවමනාවකට බව කියන ඇය තමාට ජනපති නිල නිවසට ඕනෑම වේලාවක යාමේ ඒමේ හැකියාව තවමත් ඇති බවද කියනවා.
ඇය මේ අදහස් දක්වා තිබෙන මව්බිම පුවත්පත් ලිපිය පහතින්






0 comments for "මාවයි ජනාධිපතිතුමාවයි සම්බන්ධ කරලත් කථා හදල තිබුණා - සහේලි ගමගේ"
Leave a reply