බිරිය සමග එක්වන්නැයි අන්තර්ජාලයෙන් ඉල්ලන සමලිංගිකයෙක්
තම බිරිය සමග අඹුසැමි සබඳතා පැවැත්වීමට කැමති අයෙකු සිටී නම් දන්වන ලෙස ඉල්ලමින් අන්තර්ජාල ලූහුඩු දැන්වීම් පළකරන සමලිංගික පුද්ගලයෙකු පිළිබඳ පොලිසියට පැමිණිළි ලැබී තිබෙනවා.පසුගිය 22 වනදා කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මේ පුද්ගලයා ගැන සොයන්නට අධිකරණ අවසරය ලබාගත්තා.
කොළඹ අවට පොලිස් ස්ථාන ගණනාවකටම මෙම පුද්ගලයා හා ඔහුගේ දුරකථන අංක පිළිබඳ පැමිණිළි ලැබී ඇති අතර කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පසුගියදා මහෙස්ත‍්‍රාත්වරයා හමුවේ ඉල්ලා සිටියේ මේ පුද්ගලයා පිළිබඳ සොයාබැලීමට ජංගම දුරකථන සමාගම් රහස්‍ය වාර්තා ලබාගන්නට අවසර දෙන ලෙසයි.
මෙම පුද්ගලයා අන්තර්ජාලයේ විවිධ සේවා සපයන ආකාරයට දැන්වීම් පළකර ඒවා ලබාගන්නට පුද්ගලයින් කතාබහ කළ විට පවසන්නේ තමා සමලිංගික පුද්ගලයෙකු බවත් තමාට රූමත් බිරියක් සිටින බවත් තමා සමග හෝ බිරිය සමග එක්වන්නට කැමති නම් දන්වන ලෙසත්ය. තමාගේ සමලිංගික ලක්ෂණ නිසා බිරිය තමා සමග එක්වීමට අකැමැත්තෙන් පසුවන බැවින් ඇය සමග එක්වන්නට කැමති අය තමා සොයන බවත් මේ තැනැත්තා ඉතාම අශ්ලීල ආකාරයට පවසන බව වාර්තා වනවා.
මොහු හා ගනුදෙනු කරන්නට කැමතිවන අයට දෙවැනි පියවර ලෙස ඇතැම් අසභ්‍ය වීඩියෝ කොටස් හා කාන්තා නිරුවත් ඡුායාරූප ඊමේල් මගින් එවා ඇති බවද වාර්තා වනවා.
නමුත් ස්ථානයක් විමසීමේදී ඔහු හරිහැටි තොරතුරු සපයන්නේ නැති බවත් කිසියම් අසහනයකින් පෙළන පුද්ගලයෙකු බවත් වාර්තා වනවා.
අද කාලයේ සැබෑ අනන්‍යතාව ස`ගවා අන්තර්ජාල දැන්වීම් පළකිරීමේ පහසුකම අයථා ආකාරයට භාවිත කරමින් මේ පුද්ගලයා අන් අය පීඩාවට පත් කරන්නෙකු බැවින්
ඔහු පිළිබඳ මේ වනවිට පරීක්ෂණ ක‍්‍රියාත්මකය.
Posted in:

0 comments for "බිරිය සමග එක්වන්නැයි අන්තර්ජාලයෙන් ඉල්ලන සමලිංගිකයෙක්"
Leave a reply