ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව උත්සව ශාලාව "Eagles' Lagoon View" ජනපති අතින් විවෘත වේ (පින්තුර එකතුවක්)

 ශ්‍රී  ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක හි ඉදිකරනු ලැබූ නව උත්සව ශාලාව ඊයේ (මාර්තු මස 02) දින පස්වරුවේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්රිම මහතාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් විවෘත කරනු ලැබීය.

     ගුවන් හමුදා ඉදිකිරීම් අංශය විසින් ඉදිකිරීම් කටයුතු කරනු ලැබූ මෙම උත්සව ශාලාවේ විදුලිමය කටයුතු හා භූමි නිර්මාණ කටයුතු ගුවන් හමුදාවේ තාක්ෂණික හා විද්යුත් ඉංජිනේරු අංශය විසින් සිදු කරනු ලැබූ අතර මහල් දෙකකින් සමන්විත මෙම නව උත්සව ශාලාව මීගමු කලපුවට මුහුණලා ඉහළ මාලය උත්සවශාලාවක් ද අංග සම්පුර්ණ නිදන කාමර 4ක් ද මනාලියන් ඇන්ඳවීමේ කාමරයකින්ද ඡායාරූප ශාලාවක් හා ඇඳුම් මාරු කිරීමේ කාමරයකින්ද සමන්විත වන අතර පහත මාලය උත්සව ශාලාවකින්, කෑම ශාලාවකින්, මුලුතැන්ගෙයකින් හා වැසිකිළි කැසිකිලි පද්ධතියකින්ද සමන්විතය.


     රුපියල් මිලියන 45 ක පමණ වියදමකින් එකවර පන්සිය දෙනෙකුට පමණ සහභාගී විය හැකි පරිදි ඉදිකරන ලද මෙම උත්සව ශාලාව විවෘත කිරීම් උත්සවයට සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මැතිණිය, හිටපු ගුවන් හමුදාපති වරුන් හා ගුවන් හමුදාවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මෙය ත්‍රිවිධ හමුදාවන්හි සිටින සාමාජිකයින්ගේ මෙන්ම ප්‍රදේශයේ සිටින සිවිල් ජනතා‍වගේද විවාහ හා අනෙකුත් උත්සව අවස්ථාවන් සදහා පහසුවෙන් භාවිතා කල හැකි ස්ථානයක් බවට පත් කරනු ලබන බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.







   

Posted in:

0 comments for "ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව උත්සව ශාලාව "Eagles' Lagoon View" ජනපති අතින් විවෘත වේ (පින්තුර එකතුවක්)"

Leave a reply