ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සරත් ෆොන්සේකා ගිනි සිළුව ලකුණින් ඡන්දෙට


එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සන්ධානයක් ගොඩනගා ගිනි සිළුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේනායක සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කරයි.
ඔහු මේ බව කියා සිටියේ, 12දා  දහවල්  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා හමුවීමෙන් පසු  මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය නිත්‍යානුකුල පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය විසින් ඉදිරිපත්කර තිබු අයදුම්පත සලකා බැලීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් ෆොන්සේකා මහතාව අද මැතිවරණ කොමසාරිස් කාර්යාලයට කැඳවා තිබිණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසිය.
මේ වෙනකොටත් පුදුකුඩුඉරිප්පු ජන්දය කැඳවා ඇති නිසා මැතිවරණ කොමසාරිස්වරයාට පක්ෂ ලියාපදිංචියට අලූතින් අයදුම්පත් බාර ගන්න නිත්‍යානුකුල බලයක් නැහැ. එත් අපේ පක්ෂයේ හිටපු මහ ලේකම් ටිරාන් අලස් මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ලේකම් හැටියට
මේ පක්ෂය ලියාපදිංචි කරන්න මිට වසර කිහිපයකට පෙර අයදුම් පතක් ඉදිරිපත් කරලා තිබුනා. ඒ අයදුම් පත ගැන සලකා බලන්න මැතිවරණ කොමසාරිස්වරයා අපට එන්න කියලා තිබුනා. ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ හිටපු ලේකම් ටිරාන් අලස් මහතා ඉදිරිපත්කර තිබු ලිපි ලේඛනත්, අපේ පක්ෂයේ නව ලේකම්වරයා ඉදිරිපත්කර තිබු ලිපි ලේඛනත් මැතිවරණ කොමසාරිස්වරයාත්, එහි ප‍්‍රධානිනුත් විමසා බැලූවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ලියාපදිංචි කිරීමට අවශ්‍ය සියලූ අවශ්‍යතා කොන්දේසි අපි සපුරා තියනවා. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමත් එබව පිළිගෙන තියනවා.  දැන් මොනම හේතුවක් නිසාවත් මැතිවරණ කොමසාරිස්වරයාට අපේ පක්ෂය ලියාපදිංචි නොකර ඉන්න බැහැ . ඒ සම්බන්ධයෙන් මම අපේ පක්ෂයේ හිටපු ලේකම් ටිරාන් අලස් මහතාටත් ස්තුති කලයුතුමයි. ඔහු අද අපේ පක්ෂයෙන් ඉවත්ව ඇතත්, ඔහු ඉටුකළ මෙහෙය අගයකල යුතුයි.
අපේ පක්ෂය ලියා පදිංචි කල වහාම අපි විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනගනවා. ඉදිරි මැතිවරණ වලට ඬගිනි සිළුවඬ ලකුණින් ඉදිරිපත්වෙන්වාඬඬ යයි ද ෆොන්සේකා මහතා සඳහන් කළේය.

Posted in:

0 comments for "සරත් ෆොන්සේකා ගිනි සිළුව ලකුණින් ඡන්දෙට"

Leave a reply