සවුදි ගිය ඉන්ද්‍රානිට දස වද ඇගේ කටු කම්බි ගසා උණුවතුර දමා දවස් පහක් සිරකර සිහිනැතිවූ පසු ලංකාවට එවලා
මහව නාගොල්ලාගම 29 හැවිරිදි ඉන්ද්‍රානි කුමාරි නමැති කාන්තාවක සවුදියේ ගෘහ සේවිකා රැුකියාවකට ගොස් තිබුනේ පසුගිය ජනවාරි 29 වනදාය.
නමුත් ඇයට හමුවූ කුරිරු නිවැසියන්ගේ තාඩන පීඩන නිසා මාස එකහමාරකින්ම ඇයට යළි හිස් අතින් එන්නට සිදුවූයේ ඇෙ`ග් කටුකම්බි ගසාගෙන අතද පුච්චා ගෙනය.
ඉන්ද්‍රානි කුරුණෑගල පුද්ගලික නියෝජිත ආයතනයක් මාර්ගයෙන් සවුදි අරාබියේ රැුකියාවක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඇය අත්විඳි අමිහිරි අත්දැකීම විස්තර කර තිබුනේ පහත පරිදිය.
‘මට කාමරේකට අඬගහලා කම්බි කටු වගයක් ගෙනල්ල අතට ගැහුව දෙකක්. ඊට පස්සෙ කෑගහන්න එපා කියල උණුවතුර අතට දැම්මා. එහෙම දාලා අත්දෙක පිටිපස්සට බැඳල කකුළට කම්බියක් ගැහුවා. දවස් පහක් කාමරේ දාලා වහල තිබුණා.
බඩගින්න ඉවසන්න බෑ... දවස් දෙකක් බඩගින්නෙ හිටියා. තුන්වෙනි දවසෙයි හතරවෙනි දවසෙයි මං ඩස්බින් එකෙන් බත් කෑවා. දවස් පහක් හිටියට පස්සෙ මට කලන්තෙ හැදිල වැටුණ නිසා මට තුවාලෙ පෙන්නල ලංකාවට කතා කළා. පස්සෙ ඒජන්සි කාරයෙක් මාව ගත්තා. ලංකාවට එනකම්ම මං දන්නෙ නෑ.’
ඇය පසුගිය 13 වනදා ඇය දිවයිනට පැමිණි පසු කුරුණෑගල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. ඇගේ සිරුරේ තිබුණ කටුකම්බි ඒ රටේදී ඉවත් කර තිබුණ නමුත් එහි තුවාල ඉතිරිවී තිබෙන බව පැවසුණා.
Posted in:
සවුදි ගිය ඉන්ද්‍රානිට දස වද ෙ


0 comments for "සවුදි ගිය ඉන්ද්‍රානිට දස වද ඇගේ කටු කම්බි ගසා උණුවතුර දමා දවස් පහක් සිරකර සිහිනැතිවූ පසු ලංකාවට එවලා"
Leave a reply