ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

11 දෙනෙක් IPL යන්න සූදානම්


තමිල්නාඩුව කෙණෙහෙලිකම් කළ නිසා අයිපීඑල් ක‍්‍රිකට් ක‍්‍රිඩා කිරීමේ වරම අහිමි කරගත් අකිල ධනංජය හා නුවන් කුලසේකරත් තරගාවලිය ප‍්‍රතික්ෂේප කළ දිනේෂ් චන්දිමාලූත් හැර සෙසු ක‍්‍රීඩකයින් 11 දෙනා තමන් අයි.පී.එල් යාමට තීරණය කළ බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත අද දන්වා තිබෙන බව එහි සභාපති ඈෂ්ලි ද සිල්වා මාධ්‍ය වෙත දැනුම් දුන්නා.
ඔවුන් ලංකාවේ ගෞරවය රකීවිද තමන්ගේ මුදල් ගැන හිතාවිද යන දෙගිඩියාව පසුගිය දිනවල ක‍්‍රිකට් ලෝලීන් අතර තිබුණා. ඇමතිවරයා කියා සිටියේ අයි.පී.එල් තරම් නොවුණත් එරටට නොයන්නේ නම් ලංකාවේ පඩිය තමන්ට ගෙවිය හැකි බවයි.
මේ අතරවාරයේ චන්දිමාල් තරගාවලිය ප‍්‍රත්ක්ෂේප කිරීම
බොහෝ අයගේ ඇගයීමටද භාජනය වුණා. නමුත් අවසානයේ 11 දෙනා ඉන්දියාවට යාමට තීරණය කළා.
මෙම 11 දෙනා වන්නේ
ලසිත් මාලිංග,තිලකරත්න ඩිල්ෂාන්,කුමාර් සංගක්කාර,මහේල ජයවර්ධන,අජන්ත මෙන්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා,මුත්තයියා මුරලිදරන්,ජීවන් මෙන්ඩිස්, කුසල් ජනිත්, හා සචිත‍්‍ර සේනානායක යන අයයි.
3 වනදා ඇරඹෙන ක‍්‍රිකට් තරගාවලිය සඳහා තව පැය කිහිපයකින් ඔවුන් ලංකාවෙන් ඉන්දියාවට පිටත්වීමට නියමිතය.කෙසේ වෙතත් සංචාරය අතරතුරදී ඔවුන්ට චෙන්නායි මගහරින ලෙස උපදෙස් නිකුත් කළ බව සභාපතිවරයා පවසනවා.

Posted in:

0 comments for "11 දෙනෙක් IPL යන්න සූදානම්"

Leave a reply